බ්‍රිතාන්‍ය හමුදාවේ සැලසුම් නිලධාරීන්ගෙන් සමන්විත භට පිරිසක් ඊශ්‍රායලය වෙත පිටත් කර හැරේ.
ගාසා තීරයේ ඉදිරි ආරක්ෂක ප්‍රතිසංස්කරණ උදෙසා, එක්සත් ජනපද හමුදාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විශේෂ කාර්ය සාධක බලකායට සහාය පිණිස, එරට ආරාධනාව මත බ්‍රිතාන්‍ය භට පිරිස් ඊට එක් කර තිබේ.
එක්සත් ජනපද හමුදා මූලිකත්වයෙන් නිර්මිත එම බලකාය, සිවිල්-හමුදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස නම් කර ඇත.
ගාසා තීරයේ ආරක්ෂාව තහවුරු කිරීම, එහි මූලික කාර්ය භාරය වේ. බලකා අන්තර්ගතය, කාර්ය පටිපාටිය, විධාන ධූරාවලිය, නෛතික භාවය හා අනෙකුත් අදාළ තත්ත්වයන් පිලිබඳ තවදුරටත් සාකච්ඡා කෙරේ.
එම බලකායට සහාය පිණිස, 200කට ආසන්න හමුදා භට පිරිසක් අනුයුක්ත කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි. ඊට, සිය භට පිරිස් එක් කිරීමට, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, කටාර් රාජ්‍යය, තුර්කිය සහ අසර්බයිජානයට ද ඇරයුම් කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/22/2025
UK deploys small number of military officers to Israel following US request
බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, යුක්රේනය සහ යුරෝපා සංගමය අද (21), විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්, රුසියානු-යුක්රේන ගැටුම අවසන් කිරීම සම්බන්ධ එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නවතම ප්රයත්නයට සහාය පළ කළේය.
එම ඒකාබද්ධ ප්‍රකාශයෙන්, යුක්රේනය වෙත එම රටවල සහාය පල කර තිබේ.
යුද්ධය කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ගේ යෝජනාවට ඉඳුරා සහාය පළ කරන බව එම නිවේදනයේ දැක්වේ. ඒ පිලිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට මෙය සුදුසුම අවස්ථාව කරගත යුතු බව ද, එහි සඳහන්ය. බ්‍රිතාන්‍ය රජය විසින් එම නිවේදනය නිකුත් කර තිබේ.
ගැටුම අවසන් කර සාමය උදා කිරීම පිණිස, රුසියානු නායකයා කැමැත්ත පළ කරන තෙක්, එරට ආර්ථිකයට සහ ආරක්ෂක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල කළ යුතු බවත්, යුක්රේනයට අවැසි සම්පත් ලබා ගැනීමට රුසියාව සතු නිශ්චල ස්වෛරී වත්කම් හි පූර්ණ අගය උපයෝජනය උදෙසා සැලසුම් සකස් කෙරෙමින් ඇති බවත්, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/21/2025
මුලාශ්‍රය :
European leaders issue statement backing Trump's Ukraine ceasefire position
ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට 'ජපානයේ යකඩ ගැහැනිය' ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) සමත්විය.
ජපාන පාර්ලිමේන්තුවේ අද (21) පැවති විශේෂ ඡන්ද විමසීමක දී ඇයව මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගත් බව සඳහන් වේ.
ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනාගැනීමට ඇය සමත්ව තිබේ.
64 හැවිරිදි ඇයව ජපාන පාලක පක්ෂයේ නායකත්වය සඳහා තෝරාගැණුනේ මීට දෙසතියකට පෙරයි.
ඒ පාලක පක්ෂය තුළ ඇතිවිය හැකි බෙදීම වළක්වා ගැනීමට හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් හිස්වූ ධුරය පිරවීම වෙනුවෙනි.
කෙසේ නමුත් ඒ සමඟම මෙතෙක් පාලක පක්ෂය සමඟ සිටි කොමෙයිතෝ පක්ෂයේ සහාය තකයිචිට අහිමිවිය.
කෙසේ නමුත් විපක්ෂයේ දක්ෂිණාංශික පක්ෂයක් වන ජපාන නව්‍යකරණ පක්ෂය සමඟ සන්ධානගතවී සිය බලය තහවුරු කරගැනීමට ඇය ඊයේ දිනයේදී සමත්වූයේ අගමැති ධුරය සඳහා වන සිය ගමන් මඟ පැහැදිලි කරගනිමිනි.
මන්දගාමී ජපාන ආර්ථික යළි ගොඩනැගීම, ගිලිහෙමින් පවතින ජපාන - අමෙරිකා සබඳතා තර කරගැනීම සහ පාලක පක්ෂය යළි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම ඇය හමුවේ ඇති අභියෝග වේ.
1961 වසරේදී නාරා ප්‍රාන්තයේ උපන් සනායි තකයිචි 1996 වසරේදී පළමුවරට ජපාන පාර්ලිමේන්තුවට පිවිසි අතර මේ වනවිට අවස්ථා 10 කදී සිය පාර්ලිමේන්තු අසුන රැකගැනීමට ඇය සමත්ව තිබේ.
ඇය දේශපාලනයට පිවිසීමට පෙර රොක් ශෛලියේ ඩ්‍රම්ස් වාදකයෙක් ලෙසට ද ප්රකටව සිට ඇත.
ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති අතර බැංකු ගනුදෙනුකරුවන්ටද බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වෙයි.
හොං කොං ගුවන් තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථය තුල ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබේ.
එලෙස ගුවන් යානය ලිස්සාගොස් මුර සංචාරයේ නිරත වාහනය ගැටී පසුව මුහුදට වැටී තිබේ.
මුර සංචාරයේ යෙදී සිටී පුද්ගලයින් 4 දෙනෙකුගෙන් දෙදෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති අතර උතුරු ධාවන පථයේ කඩා වැටීමට හේතුව නිලධාරීන් විමර්ශනය කරයි.
තවත් ධාවන පථ දෙකක් ක්‍රියාත්මක වේ.
හොඳ ආරක්ෂිත වාර්තාවක් ඇති හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වසර ගණනාවකට පසු සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකි.
ඊජිප්තුව හරහා ගාසා තීරයට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන සහ මගී ප්‍රවාහනය සිදු කෙරෙන ප්‍රධාන ප්‍රවිෂ්ඨ මාවත වන, රෆා කොරිඩෝව නැවත දැනුම් දෙන තෙක් වසා දැමෙන බව ඊශ්‍රායලය නිවේදනය කරයි.
එය හෙට (20) යළි විවෘත කෙරෙන බවට ඊජිප්තුව දැනුම් දීමත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් එම පියවර ගෙන තිබේ.
රෆා කොරිඩෝව විවෘත කෙරෙන්නේ හමාස් සංවිධානය සටන් විරාම ක්‍රියාවලියට අනුගත වන ආකාරය අනුව බව, ඊශ්‍රායලය පවසයි. ගිවිසුම් ප්‍රකාරව, හමාස් භාරයේ පසුවෙමින් සිටියදී මියගිය ඉතිරි සියලු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායල හමුදාව වෙත භාර දිය යුතු අතර, ගිවිසුමේ අනෙකුත් කොන්දෙසිවලටද එම සංවිධානය වහා එකඟ ව ක්‍රියා කළ යුතු බව, ඊශ්‍රායල අවධාරණය කරයි.
ගාසා වැසියන්ට එරෙහිව හමාස් සංවිධානය විසින් භීෂණකාරී හිංසන රැසක් සිදු කරමින් සිටින බවට විශ්වසීය තොරතුරු ලැබී ඇතැයි ද, එය සටන් විරාමය උල්ලංඝනය කරන්නකැයි ද, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/19/2025
Israel says Rafah crossing to remain closed until further notice
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති අතර ඒ සඳහා දහස් ගණන් අමෙරිකානු ජනතාව එක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.
ට්‍රම්ප් පරිපාලනය ෆැසිස්ට්වාදය සහ ඒකාධිපති රාජ්‍යක් කරා එක්සත් ජනපදය රැගෙන යමින් ඇති බවත් කොංග්‍රසය අනුමත කර ඇති අරමුදල් අවහිර කිරීම සහ ෆෙඩරල් රජයේ කොටස් විසුරුවා හැරීම, සංක්‍රමණිකයින් මර්දනය, පුළුල් තීරුබදු ක්‍රියාත්මක කිරීම, අමෙරිකානු නගරවලට ජාතික ආරක්ෂක භටයින් යෙදවීම අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය සේවා කප්පාදුව ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් විරෝධතාකරුවන් මෙහිදී විරෝධය දක්වා ඇත.
මේ අතර වාර්තා වනුයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව අතර ඩොනල්ට් ට්‍රම්ප් අප්‍රසාදයට ලක් වෙමින් පවතින බවය.
දෙවැනි වරට බලයට පත්වීමත් සමග ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ ඇතැම් දැඩි තීන්දු තීරණ හේතුවෙන් ලොව පුරා රටවල් රැසක අවධානය දිනා ගැනීමටද ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
විශේෂයෙන් තීරුබදු පැනවීම මගින් ලොව පුරා රටවල් රැසකින් ට්‍රම්ප්ට විවේචන එල්ල වූ අතර එම තීරුබදු හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය විනාශයේ ගමන් මාර්ගයකට යොමු වෙමින් පවතින බව සඳහන් කරමින් එක්සත් ජනපදයේද විරෝධතා ව්‍යාපාරද නිර්මාණය විය.
(aruna)
'No Kings' protests draw huge crowds as anti-Trump rallies sweep across US
No Kings live updates: Demonstrators take to the streets nationwide to protest Trump administration
බංග්ලාදේශයේ ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් එහි සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිද්ධියෙන් පසු ගුවන් තොටුපළ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහ බංග්ලාදේශ ගුවන් හමුදා ගිනි නිවන ඒකකයේ මෙන්ම අනෙකුත් අදාළ ආයතනවල කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර ඇත.
රුමේනියාවේ බුකාරෙස්ට් අගනුවර මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක අද (17) සිදු වූ පිපිරීමකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව, 12 දෙනකු තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.
පිපිරීමෙන් අසල පාසලකට ද හානි සිදු වී ඇත.
පිපිරීමත් සමග ගොඩනැගිල්ලේ මහල් දෙකක් මුළුමනින්ම ඇද වැටී, අනෙකුත් මහල් ද විනාශ ව තිබේ.
අනතුර සිදු වූ ස්ථාන වෙත වහා හදිසි සේවා කැඳවා තිබේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.
එරට, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 6,295ක් පමණ සේවයේ යෙදී සිටින බව රුමේනියා ජර්නල් (Romania Journal.ro) වෙබ් අඩවිය සඳහන් කරයි.
අනතුරට පත් පිරිස් අතර ශ්‍රී ලාංකිකයින් වන බවට මෙතෙක් අනාවරණය වී නැත.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
සිව් මසකට පෙර ධුරයේ වැඩ භාරගත් මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය, ගොම්බෝජාව් සැන්ඩන්ෂටාර් ( Gombojav Zandanshatar) ඉල්ලා අස්වී ඇතැයි, චීනයේ, ජාතික ගුවන් විදුලිය අද (17) නිවේදනය කළේය.
දූෂණ චෝදනා හමුවේ හටගත් මහජන විරෝධතා මධ්‍යයේ, එරට හිටපු අගමැති, ලූව්සානම්ස්රී ඔයුන් ඒර්දෙනේ (Luvsannamsrai Oyun-Erdene) ධුරය හැර යාමත් සමග, පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන් මීට සිව් මසකට පෙර, සැන්ඩන්ෂටාර් මොන්ගෝලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/17/2025
Mongolian prime minister resigns after four months
ලෝක ධනවතකු වන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි පසුගියදා පැවති දීපාවලි උත්සවයකට ගියේ ලොව පවතින මිල අධිකතම අත්බෑගයක් අතින් අරගෙනයි.
සුපිරි විලාසිතා නිර්මාණකරුවකු වන මනිෂ් මල්හෝත්‍රාගේ මුම්බායි නිවසේ පැවති දීපාවලි උත්සවයට පසුගිය දා (12) සහභාගී වූ ඇය අත තිබූ අත්බෑගය ඩොලර් මිලියන 02කට අධික වටිනාකමකින් යුක්තයි.
සමාජ ජාලයේ සැරිසරන්නන් වෙත ඇගේ සීක්වින් සාරිය සහ විශාල එමරල්ඩ් කරාබු ආකර්ෂණය වූවද, ඇගේ විලාසිතාවේ සැබෑ කැපී පෙනෙන අංගය වූයේ Sac Bijou නම් දියමන්තිවලින් සරසන ලද්දක් වූ ඇගේ Hermès Birkin බෑගයයි. ලොව පුරා පවතින්නේ එවැනි Sac Bijou Birkins තුනක් පමණයි.
මෙම බෑගය ඇමරිකානු ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුක්තයි. Sotheby's ආයතනයට අනුව, මෙම දුර්ලභ Sac Bijou බෑගය ලොව ඇති වඩාත්ම මිල අධික Hermès Birkin බෑගයයි. මෙම අත්බෑගය ඝන 18k සුදු රත්රන් වලින් ඉතා සූක්ෂම ලෙස නිමවා තිබෙන අතර එය දිලිසෙන දියමන්ති 3,025කින් සරසා ඇත, එහි සම්පූර්ණ කැරට් බර 111.09 ක්ය.බෑගයේ ඉහළ තට්ටුව කිඹුල් හමක් අනුකරණය කරමින් සකස් කර ඇති අතර, එහි පහළ කොටස, අත් රඳවන දියමන්තිවලින් ආවරණය කර තිබෙනවා.


මෙම Sac Bijou බෑගය නිර්මාණය කරන ලද්දේ Hermès හි සියුම් ස්වර්ණාභරණ සඳහා නිර්මාණ අධ්යක්ෂවරයා වන පියරේ හාර්ඩි විසින් 2012 දීය.

අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (15) කිසිඳු දුරකතන සංවාදයක් සිදු නොවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අගමැති මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර ඊයේ සංවාදයක් හෝ දුරකතන ඇමතුමක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල්, සිය සතිපතා ප්රවෘත්ති සාකච්ඡාවේදී මේ බව පැවසීය.
"නායකයින් දෙදෙනා අතර ඊයේ කිසිඳු සංවාදයක් ගැන මම දැනුවත් නැත" විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර ඉන්දීය රජයේ අඛණ්ඩ ප්‍රමුඛතාව අස්ථාවර බලශක්ති තත්ත්වයන් තුළ තම පාරිභෝගික ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාව ආරක්ෂා කිරීම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
සිය ඉන්ධන ආනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ එම අවශ්‍යතාව අරමුණු කරගනිමින් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව, රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නතර කිරීමට පියවර ගන්නා බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමා වෙත සහතික වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
රට තුළ ස්ථාවර මිල ගණන් හා සුරක්ෂිත බලශක්ති සැපයුමක් සහතික කිරීම සිය රජයේ බලශක්ති ප්‍රතිපත්තිය වන බව සඳහන් කර ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් අමෙරිකානු වත්මන් පරිපාලනය ඉන්දියාව සමග බලශක්ති සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට උනන්දුවක් දක්වා ඇති බව ද ප්‍රකාශ කර තිබේ.
මේ අතර රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම ඉන්දීය ආර්ථිකයට ඉතා වැදගත් වන බව, ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රුසියාව සඳහන් කර තිබුණි.
මුලාශ්‍රය :
'No call between them': India rejects Trump's claim of speaking to PM Modi about purchase of Russian oil
සබැඳි පුවත් :
රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට මෝදි එකඟ වූ බව ට්‍රම්ප් පවසයි
Trump says Modi has agreed to stop buying Russian oil
මැඩගස්කරයේ බලය අත්පත් කරගත් බව එරට හමුදාව පවසයි.
ඒ, සති ගණනාවක් එරට තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතාවලින් පසුවය.
එරට හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ හමුදාව විසින් රජයක් පිහිටුවා වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවයි.
කෙසේවෙතත් මැතිවරණ කොමිසම වැනි ප්‍රධාන ප්රජාතන්ත්රවාදී ආයතන ද ඔහු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදාව සහ විරෝධතාකරුවන් මැඩගස්කර් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සැමරීම ආරම්භ කර ඇති අතර දහස් ගණනක් කොඩි ලෙලවමින් බොහෝ පිරිස් මේ වන විට අගනුවරට එක්රැස් වෙමින් සිටිති.
2009 දී බලයට පත් වූ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ද්‍රි රාජොයිලිනා (Andry Rajoelina) විරෝධතා හමුවේ රටින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
ප්‍රංශ හමුදා ගුවන් යානයකින් ජනාධිපතිවරයා රටින් පිටතට ගෙන ගිය බවට ද නිල නොවන වාර්තාවල සඳහන් කරයි.
විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ප්‍රකාශ වේ.
මුලාශ්‍ර :
Madagascar military says it has seized power as president moves to 'safe place'
ඉකුත් සතියේ මෙක්සිකෝවට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් 64දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 65 දෙනකු අතුරුදන්ව සිටින බව එරට රජය ඊයේ (13) නිවේදනය කළේය. නිවර්තන අවපාත තත්ත්වය හේතුවෙන් හටගත් වර්ෂාපතනයත් සමග ගල්ෆ් වෙරළ තීරයේ ඇතැම් ස්ථානවල සහ මධ්‍යම ප්‍රාන්ත කිහිපයක දරුණු ජල ගැලීම් සහ නාය යෑම් ද වාර්තා වී තිබේ.
සාමාන්‍ය වර්ෂා සමය අවසන පැමිණි එම දැඩි වර්ෂාපතන තත්ත්වය, මාස කිහිපයක් පුරා අඛණ්ඩව පැවතිණ. ගංගා රැසක් පිටාර ගැලීමෙන් ජල ගැලුම් හටගත් අතර පැසිෆික් වෙරළ තීරයේ දරුණු සුළි කුණාටු ද වාර්තා විය.
ඉදිරි වැසි තත්ත්වයක් පිලිබඳ පූර්වාබෝධයක් පැවතිය ද එය මෙතරම් දැඩි වේ යැයි අපේක්ෂා නොකළ බව ජනපති ක්ලෝඩියා ෂයින්බවුම් (Claudia Sheinbaum) පැවසීය.
ධාරානිපාත වර්ෂාපතනය, ජලගැලීම් හා ආශ්රිත විපත් හේතුවෙන් මෙක්සිකෝවේ නිවාස 100,000කට අධික සංඛ්‍යාවක් හානියට පත්ව ඇතැයි වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/14/2025
Heavy rains flood Mexico towns, leave nearly 130 dead or missing
මැඩගස්කරයේ ජෙන් - සී (Gen Z) තරුණ අරගලය හමුවේ ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) රටින් පලා ගොස් ඇතැයි එරට විපක්ෂ නායක, හමුදා ආරංචි මාර්ග සහ විදෙස් තානාපති නිලධාරියකු ඊයේ (13) ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. ලොව පුරා පැතිර යන ජෙන් - සී අරගල රැල්ල මසක් වැනි කෙටි කලක් තුළ මැඩගස්කර රජය ද පෙරළා දැමීමට සමත්ව ඇත.
ඉරිදා (05) එරට හමුදා කොටස් අරගල කරුවන්ට සහාය පල කර සිටීමත් සමග බියට පත් රජෝලීනා එදිනම රටින් පලා ගිය බව විපක්ෂ නායක සිටෙනි සැන්ඩ්රියානාසොලොනිඅයිකො (Siteny Randrianasoloniaiko) විසින් තහවුරු කර තිබේ. එම පුවත ජනපති කාර්ය මණ්ඩලය විසින් ද සනාථ කර ඇත.
ජනපති රජෝලීනා පලා ගිය ස්ථානයක් පිලිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත. ඔහු ප්‍රංශ හමුදා යානයකින් පලා ගිය බව පමණක් දැනට අනාවරණය වී ඇතැයි හමුදාව පවසයි.
මේ අතර, ඊයේ ෆේස් බුක් ඔස්සේ ජනතාව ඇමතූ රජෝලීනා, ජීවිතාපේක්ෂාව පතා ආරක්ෂක ස්ථානයක් වෙත ස්ථාන මාරු වූ බව ප්‍රකාශ කළේය. තමා සිටින ස්ථානය පිලිබඳ නිශ්චිත තොරතුරක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඔහු, කිසිවකුටත් මැඩගස්කරය විනාශ කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.
රජෝලීනා ජනපති ධුරය අත්හැරීම තව දුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බව එරට විදෙස් තානාපති අංශ කියයි. ඔහු ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රන් (Emmanuel Macron) සමග රහස් ගිවිසුමකට එලැඹ ඇතැයි RFI ප්‍රංශ ගුවන් විදුලි සේවය නිවේදනය කළේය. ගාසා සටන් සම්බන්ධයෙන් ඊයේ ඊජිප්තුවේ පැවති විදෙස් නායක හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ ජනපති මැක්රන්, මැඩගස්කර ජනපතිවරයාට රටින් පලා යාමට ප්‍රංශය සහාය දුන් බවට පළවන පුවත් හදිසියේ තහවුරු කළ නොහැකි යැයි පැවසීය.
මැඩගස්කර ව්‍යවස්ථාවට අනුව නීතිය ස්ථාපිතව පැවතිය යුතු බව අවධාරණය කළ ප්‍රංශ ජනපති, තරුණ ප්‍රජාව මුහුණ පා ඇති ගැටළු නිරාකරණය කිරීම අනිවාර්ය කටයුත්තක් වුව, එම සිවිල් ගැටළු සම්බන්ධයෙන්, හමුදා කොටස්වලට අනවශ්‍ය අත පෙවීම් සිදු කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද අවධාරණය කළේය. මැඩගස්කරය කලක්, ප්‍රංශ යටත් විජිතකරණයට හසුව තිබූ අප්‍රිකානු දිවයිනක් ද වේ.
විදුලි සහ ජල අර්බුදයක් මුල් කර ගනිමින් මැඩගස්කරයේ ඉකුත් සැප්තැම්බර 25 දා හට ගත් බිම් මට්ටමේ අරගලය, දින කිහිපයක් තුළ රජයේ දූෂණ, වංචා සහ ජීවන ගැටළු මුල් කරගත් දැවන්ත දීප ව්‍ය්පාප්ත තරුණ අරගලයක් තෙක් වර්ධනය විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/14/2025
Madagascar's president has left the country after Gen Z protests, officials say
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) ඊශ්‍රායලය වෙත ලඟා වීමත් සමග හමාස් භාරයේ පසුවූ ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ගෙන් පළමු පිරිස නිදහස ලදහ.
ඒ අනුව, ප්‍රථමයෙන්, ප්‍රාණ ඇපකරුවන් හත් දෙනකු ගාසා තීරයේදී මුදා හැරිණි. ඉන් පසුව ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 13 දෙනකුද මීට ස්වල්ප වෙලාවකට පෙර නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගත්තේය. ඒ අනුව, හමාස් භාරයේ ජීවතුන් අතර වූ සියළු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස ලබා සිටී.
බටහිර ඉවුරේ ඊශ්‍රායල බන්ධනාගාර වෙතින් මුදා හළ පලස්තීන සිරකරුවන් රැගත් බස් රථ කිහිපයක් ගාසා තීරයේ නියමිත ස්ථානයක් වෙත ප්‍රවාහනය කෙරෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
මේ අතර, ඊශ්‍රායලයට සැපත් වූ ජනපති ට්‍රම්ප්, එරට රාජ්‍ය නායකයා, ඉහළ පෙළ සියළු අමාත්‍යවරු, නිලධාරීන් සහ හමුදා ප්‍රධානීන් ද එක්ව, ආචාර පෙළපාලි මධ්‍යයේ මහත් හරසරින් පිළිගත්හ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/13/2025
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
