මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නීති විරෝධී දේපළ ක්‍රියා විරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නීති විරෝධී දේපළ ක්‍රියා විරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් අයතා ලෙස වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ බිරිදගේ නමින් මිලදීගෙන තිබූ  රුපියල් ලක්ෂ 155ක් වටිනා කාර් රථයක් සඳහා මුදල් විශූද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත්කර තිබුණි. 

අනතුරුව කොළඹ ගරු මහාධිකරණය මගින් එම නියෝගය දීර්ඝ කර ඇත.

අදාළ සැකකාරියද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් එම සැකකාරියගේ නමින් මිලදීගෙන ඇති ජාඇල පොලිස් වසමේ වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 400ක් පමණ වටිනා තෙමහල් නිවසක් සහිත ඉඩමක්ද 13වනදා සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.

නීති විරෝධීවත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න