Image

නාමල්ගේ සිරකුටියට ආ අලුත්ම සාමාජිකයා: "අවනීතියේ සිරකරුවා" ගැනත් කතාබහක්!

නාමල්ගේ සිරකුටියට ආ අලුත්ම සාමාජිකයා: "අවනීතියේ සිරකරුවා" ගැනත්  කතාබහක්!

පසුගිය සතියේ නාමල්ගේ සිරකුටියට අලුත්ම සාමාජිකයෙක් එක්විය.

ඒ වෙන කවුරුවත් නොව සමගි බලවේගයේ වෘත්තිය සමිතිවලට නායකත්වය දුන් ආනන්ද පාලිතයි.

"පාලිත එන්න. ඔන්න, අපේ අලුත් සමාජිකයා" නාමල් පැවසීය.

"දැන් සර්ව පාක්ෂික රැස්වීමක් වගේ. සිලින්ඩරයෙන් ඉන්නවා, පොහොට්ටුවෙන් නාමල් ඉන්නවා, සමගියෙන් ආනන්ද පාලිත ඉන්නවා" චාමර පැවසීය.

"ඇයි අපේ චන්දන කත්‍රිආරච්චි හිටපු මන්ත්‍රීතුමත් ඉන්නෙ" නාමල් පැවසීය.

මේ අතර බන්ධනාගාරයේ සවස නවය පුවත් විකාශය නරඹන විට නාමල් රාජපක්ෂ ආනන්ද පාලිත වෙනුවෙන් නිකුත් කල එක්ස් පණිවිඩය ගැන ප්‍රවෘත්තියක් විකාශය විය.

"අනේ ඔබතුමාට හරි මාව මතක් වෙච්ච එක ලොකු දෙයක් ද" ආනන්ද පාලිත සංවේදී වෙමින් පැවසීය.

"අයියෝ ඕක මොකක්ද ඔබතුමා ආණ්ඩුවට එරෙහිව කටයුතු කල නිසා තමයි මේ දේ ආණ්ඩුව කළේ" නාමල් පැවසීය.

"ආණ්ඩුව කරන්න දන්නෙ මර්දනය විතරයි. කයිවාරුවනම් තියෙනවා තාම වැඩක් කර ගන්න බෑ" චාමර පැවසීය.

"පාලිත ඔයා වැඩිය හිතන්න එපා. ආණ්ඩු හැමදාම තියෙන්නෙ නෑනෙ" යැයි නාමල් පැවසුවේ සිනාසෙමිනි.

"අන්න 'අවනීතියේ සිරකරුවා' කියලා ලොකු කැම්පේන් එකක් ජනතාව අතර යනවා. මට ඒක කියන්නත් බැරි උනා" ආනන්ද පාලිත පැවසීය.

"දැන් ඉතින් ජනතාවට තේරෙනවනෙ ගොනා හැරෙන්නෙ කොහෙටද කියලා" නාමල් පැවසීය.

"ඔබතුමා ගොනා කියලා කිවුවෙ ආණ්ඩුවේ ලොක්කට එහෙම නෙවෙයිනෙ" චාමර සිනාසෙමින් පැවසීය.

 

පාර්ලිමේන්තුව

නාමල් දිගටම පාර්ලිමේන්තුවට පැමිණියේ අයවැය විවාදයට සහභාගීවීමටය.

නාමල් බැලීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු ,ඩි.වී චානක,සාගර කාරියවසම් චානක මාදුගොඩ හා සංජීව එදිරිමාන්න පැමිණ සිටියහ.

නාමල් එදින ඔහුගේ කතාවට සූදානම් වෙමින් සිටියේය.

 

NAMAL RAJAPAKSA

 

"අන්න! මහ බැංකු අධිපති කියනවා උද්ධමනය සියයට නවයක් වෙනවා කියලා" නාමල් පැවසීය.

"ඉස්සර නම් ජෙප්පො මහබැංකු අධිපතිව පතුරු ගැහුවා අයි.එම්.එෆ් ඒජන්තයෙක් කියලා දැන් බලන්නකො තියෙන ආදරේ" නාමල් තවදුරටත් පැවසීය.

"මම දැක්කා දැන් ඉන්න ජේවීපී නියෝජ්‍ය ඇමති කෙනෙක් ඒ දවස්වල මහබැංකු අධිපතිට ඉවත් වෙනු කියලා ෆේස් බුක් එකේ වීඩියෝවක් දාලා තිබ්බා."

"දැන් ආණ්ඩුව කියන්නෙ අයි.එම්.එෆ් එකත් එක්ක තමයි අයවැය හැදුවෙ කියලා" සංජීව එදිරිමාන්න පැවසීය.

"ආයෝජකයො එනවා කිවුවට ඉන්න අයත් හැරිලා ගියා" ඩී.වී චානක පැවසීය.

"ඔව් ඉස්සෙල්ලාම අදානි සමාගම ගියා චීන සමාගම් ගියා ජනාධිපති කිවුවා ඩොලර් බිලියන හතරක පිරිපහදුවක් හදන්න චීන ජනාධිපති එක්ක ගිවිසුම් ගහලා ආවෙ තාම පළාතක නෑ ආයෝජන" නාමල් පැවසීය.

"ඔය ආයෝජනය එනවා කියලා හතර වතාවක් මාධ්‍ය සාකච්ඡා හතරක් තිබ්බා" ජොන්ස්ටන් පැවසීය.

"ඇයි එක්කෙනෙක් කිවුවෙ කුකුල් මස් වල ප්‍රෝටීන් අඩුයි හාල්මැස්සන්ගෙ ප්‍රෝටීන් වැඩියි ඒකයි කුකුල්මස් මිල අඩු නොකර හාල්මැස්සො මිල අඩුකරේ කියලා" ජොනී නැවතත් පැවසීය.

"ඔව් දන් බත් එක්ක මිරිස්දාපු හාල්මැස්සො කන්න පුළුවන් උම්බලකඩත් දාලා" යැයි නාමල් පවසන විට සියලු දෙනාටම සිනහ පහළ විය.

 

අවනීතියේ සිරකරුවා

prisoner

දයාසිරි ජයසේකර,චිත්‍රාල් ප්‍රනාන්දු, චතුර ගලප්පත්ති, ප්‍රසාද් සිරිවර්ධන,අජිත් පී.පෙරේරා,චානක මාදුගොඩ සුජීව සේනසිංහ නාමල් හා චාමර වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී කතා කළහ.

මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නාමල් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ඉංග්‍රීසියෙන් කතා කල අතර, එම ප්‍රකාශය ජාත්‍යන්තරයට රැගෙන යාමටත් කටයුතු කරන බව දයාසිරි නාමල්ට පවසා තිබිණි.

මෙහිදී නාමල් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ස්තුති කිරීමටද අමතක නොකළේය.

දයාසිරි ජයසේකර නාමල් වෙනුවෙන් කල කතාව එදින සියලු මාධ්‍යන්ගේ කතා බහට ලක්වුණු පුවත විය.

චානක මාදුගොඩද  පාර්ලිමේන්තුවේ සැර කතාවක්ද කළේය.

 නාමල්ට එරෙහිව ප්‍රකාශ ලබාදුන් නිමල් පෙරේරා කියන්නෙ වසන්ත සමරසිංහගෙ යාළුවා යැයි මෙහිදී චානක මාදුගොඩ පාර්ලිමේන්තු සභා ගර්භයේදී පවසා සිටියේය. අවනීතියේ සිරකරුවා බවට නාමල් පත්ව සිටින බවත් ඔහු මෙහිදී සදහන් කළේය.

මෙහෙදී ආණ්ඩුවේ කිසිවෙක් මීක් කිවුවේ නැත.

 

2029 ගැන ජොනී කී අනාවැකිය

"ඇත්තටම වෙලා තියෙන්නෙ නාමල්ට බයවෙලා 2029 නියත ජනාධිපති නාමල්" චානක මාදුගොඩගේ කතාව නාමල් සමග නරඹමින් සිටි ජොන්ස්ටන් පැවසිය

චාමරද පාර්ලිමේන්තුවේ කතා කරමින් "මිනීමරුවන්ටත් ඇප දෙනවා හැබැයි නාමල්ටයි මටයි නෑ" යනුවෙන් සිය කතාවේදී පැවසීය.

"අවනීතියේ සිරකරුවා කියලා හැම තැනම දැන් යනවා" ජොනී පැවසුවේ ෆේස්බුක් පෝස්ටුවක් පෙන්නමිනි.

"ඔව්, මට බන්ධනාගාරයට ආපු  ආනන්ද පාලිතත් ඒක කිවුවා" යැයි නාමල් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න