Image

නැගෙනහිර පර්යන්තය විශේෂ සන්ධිස්ථානයකට – 50%ක ධාරිතාවකින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම කඩිනමින්!

නැගෙනහිර පර්යන්තය විශේෂ සන්ධිස්ථානයකට – 50%ක ධාරිතාවකින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම කඩිනමින්!

නැගෙනහිර පර්යන්තය ස්වකිය අංගනයේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කර, එහි මෙහෙයුම් කටයුතු 50% ක ධාරිතාවකින් ක්‍රියාත්මක කරන බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ(27) පස්වරුවේ නැගෙනහිර පර්යන්තය ස්වකිය අංගනයේ මෙහෙයුම් නිරික්ෂණය සඳහා එහි මෙහෙයුම්වල ඇති ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාවේදීය. 

WhatsApp Image 2026 11 28 at 11.51.22 AM

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළේය.

"අපි වරාය අධිකාරිය විදියට පටන් ගත්ත ප්‍රධාන ව්‍යාපෘතියක් වන නැගෙනහිර පර්යන්තය මේ වන විට විශේෂ සංධිස්ථානයකට පැමිණිලා තියෙනවා.

අපි දන්නවා නැගෙනහිර පර්යන්තය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි කීවෝල් එක ඒ කියන්නේ නැව් ඇවිල්ලා නවත්තන ස්ථානය සහ එතන තියන ගැන්ට්‍රික්‍රේන් ප්‍රමාණය. අපි මාස කිහිපයකට කලින් අවසන් කලත් අපිට මේ යාඩ් එක සම්බන්ධයෙන් විශේෂයෙන් අර්ධ ස්වයංක්‍රීය යාඩ් එක ඉවර කර ගැනීමේ ගැටළු ප්‍රමාණයකට අපි පසුගිය කාලය තුළ මුහුණ දුන්නා. නමුත් අපි හිතනවා වරාය අධිකාරිය, ඒ නිලධාරින් සහ ඉංජිනේරුවරුන් මැදිහත් වෙලා  එම අභියෝගය අද සාර්ථකව අවසන් කරගෙන තියෙනවා කියලා.

ඔබට අපේ පසුපසින් දැකගන්න පුළුවන් වෙයි ස්වයංක්‍රීයව මේ යාඩ් එක ඇතුළ ඒආර්එම්ජී (Automated Rail Mounted Gantry Crane) කියන ගැන්ට්‍රික්‍රේන් ප්‍රමාණය අද අපිට ක්‍රියාත්මක කරගෙන ඔපරේෂන් එකට යොදා ගෙන තියෙනවා. මං හිතනවා මේක අපි රජයක් විදියට සහ වරාය අධිකාරිය විදියට සහ රටක් විදියට ලබපු ඉතා විශාල ජයග්‍රහණයක්. අද එක ලේන් එකක් අපි ආරම්භ කළා. මේ වන විට ඉතුරු ලේන් දහය  මේ මස ඇතුළත අපි ආරම්භ  කරනවා. ඒ වගේම මෙම ආරම්භ කිරීමේ දි අපි බලාපොරොත්තු වුන කාර්යක්ෂමතාව. ඒ කියන්නේ පැයකට කන්ටේනර් විස්සයි තිහයි අතර ප්‍රමාණයකට ලගා වීමටත් හැකියාව ලැබීම ගැන අපේ වරාය අධිකාරිය සහ රජයක් විදියට අපි සන්තෝෂයට පත් වෙනවා.

මං හිතන්නේ විශේෂයෙන්ම නැව් ප්‍රවාහනයේ සියළු දෙනාටම සෑහෙන්න උණුසුම් සුසුමක් හෙලා ගන්න පුළුවන්, මේ කාලයක් තිස්සේ මේ ටර්මිනල් එක විවිධ හේතු මත විටින් විට දී ඇදි ඇදී යන්න වුණා. දැන් ඉතාමත් හොද මාවතකට ඇවිත් තියෙනවා මේ මාසේ ඇතුළත 50% ක ධාරිතාවයකින් නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරන්න." යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා පැවසුවේය.

මෙම නැගෙනහිර පර්යන්තයේ මේ වන විට ලෝකයේ විශාලතම නෞකා මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි අතර. තව ද අනයනය බහලුම් සහ අනෙකුත් පර්යන්ත හරහා ප්‍රතිඅපනයන වන බහලුම් සිදු කිරීමට හැකියාව ඇත.

නැගෙනහිර පර්යන්තය ස්වයංක්‍රීය අංගනයේ සේවකයින් 100 කට ආසන්න සංඛ්‍යාවකින් මෙහි කටයුතු සිදු කිරීමට හැකි අතර මෙය ජාත්‍යාන්තර ආරක්ෂක ක්‍රම වේදයට අනුකුලව මෙහි කටයුතු සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්) ප්‍රභාත් ජයන්ත මලවිගේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මෙහෙයුම් ප්‍රදිප් රෝහණ, අධ්‍යක්ෂක තාක්ෂණ නිලධාරි ජී.ඩී.ටී.නානායක්කාර ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.

WhatsApp Image 2026 11 28 at 11.51.21 AM

WhatsApp Image 2026 11 28 at 11.51.24 AM

WhatsApp Image 2026 11 28 at 11.51.18 AM

WhatsApp Image 2026 11 28 at 11.51 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න