PIN / TIN ලබාදීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල හෙට(28) සහ අනිද්දා (29) දෙදින විවෘතව තබන බව දැක්වෙන නිවේදනය ව්‍යාජ එකක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු පැවසුවේ, එම නිවේදනය දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිකුත් කර ඇති එකක් නොවන බවයි.
2024/2025 ආදායම් බදු වාර්තා ලබාදීමේ අවසන් දිනය නොවැම්බර් 30 වැනිදා වන බැවින්, ජනතාව නොමග යැවීම සඳහා යම් පාර්ශ්වයක් මෙවැනි ව්‍යාජ නිවේදනයක් සකස් කර බෙදාහැර ඇති බවට සැක කරන බවද ඇය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.
ජනතාව මෙවැනි ව්‍යාජ නිවේදනවලට හසු නොවී, නිල තොරතුරු සඳහා පමණක් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා 1944 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.
-ජේ.මුණසිංහ-
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
