Image

ගෝඨාභය රාජපක්ෂ අද අධිකරණයට!

ගෝඨාභය රාජපක්ෂ අද අධිකරණයට!

යාපනයේදී අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද(27) දින තෙක් කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් සැප්තැම්බර් (29) දා නියෝග කර තිබුණා.

හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් (29)දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබා දුන් අතර, අද දින මෙම අධිකරණයේ පෙනි සිටිමට නියෝග කර තිබෙනවා. 

2011 වසරේ දෙසැම්බර් 9 වැනිදා යාපනයේදී මෙම ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන් වූ අතර, එම සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබුණි.

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා ඔහු කොළඹ අධිකරණයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි ලබා දුන් අතර, එහිදී සිදුවීම් පිළිබඳව වසර ගණනාවක් ගතවී ඇති බැවින් ඇතැම් කරුණු මතක නැති බව ඔහු ප්‍රකාශ කර තිබුණා.

වැඩිදුර සාක්ෂි විමසීම අදට නියම කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න