අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 3 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (26) දින නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර, විත්තිකාර යෝෂිත රාජපක්ෂ විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද පස්වරුවේ ආරම්භ වු අතර, සාක්ෂි අංක 85 අධිකරණයේ දී සාක්ෂි ලබා දුන්නේය.
එමෙන්ම, සාක්ෂි අංක 9, 38, 85 යන සාක්ෂිකරුවන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා අවවාද කරනු ලැබීය.
රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් 05ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
