Image

මහාචාර්ය කේ. එන්. ජයතිලක 56 වන ගුණ සැමරුම හෙට (26)

මහාචාර්ය කේ. එන්. ජයතිලක 56 වන ගුණ සැමරුම හෙට (26)

කේ. එන්. ජයතිලක ශූරීන්ගේ 56 වන ගුණ සැමරුම් දේශනය, 2026 නොවැම්බර් මස 26 වැනිදා බ්‍රහස්පතින්දා පස්වරු 4.00 සිට 6.00 දක්වා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ (බොරැල්ල) 3 වන මහලේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පුස්තකාල හා ලේඛනාගාර කමිටුව විසින් සංවිධානය කරනු ලබන මෙම සැමරුම, මෙරට බෞද්ධ දර්ශනයට සහ අධ්‍යාපනයට මහාචාර්ය ජයතිලක ශූරීන් සිදු කළ අමිල මෙහෙවර අගය කිරීම වෙනුවෙන් පැවැත්වේ.

මෙවර ගුණ සැමරුමේ ප්‍රධාන දේශනය පැවැත්වෙන්නේ "ජයතිලක චින්තනය හා බෞද්ධ අධ්‍යයනයේ පෝෂණය උදෙසා එහි දායකත්වය” යන මාතෘකාව යටතේය.

මෙවර දේශනය පවත්වනු ලබන්නේ ශාස්ත්‍රපති පූජ්‍ය පොල්පිටිමුකලානේ පඤ්ඤාසිරි හිමියන් විසිනි.

මහාචාර්ය කේ. එන්. ජයතිලක (1920-1970) ශූරීන් ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය බෞද්ධ දාර්ශනිකයෙකු වූ අතර ලංකා විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන මහාචාර්යවරයා ලෙස සේවය කළේය.

එතුමාගේ “Early Buddhist Theory of Knowledge” ග්‍රන්ථය බෞද්ධ දර්ශනය පිළිබඳ ලොව පුරා පිළිගත් ප්‍රාමාණික කෘතියකි.

උත්සවය පස්වරු 4.00 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමෙන් ආරම්භ වන අතර, ඉන් අනතුරුව පහන් දැල්වීම සහ පංචශීලය ලබා දීම සිදු කෙරේ. පස්වරු 4.10 ට පිළිගැනීමේ කතාව සහ අනුස්මරණ දේශනය පැවැත්වේ. ඉන් පසුව පස්වරු 4.30 සිට 5.30 දක්වා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

මෙම ගුණ සැමරුමට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කර සිටියි.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න