Image

හැටන් රෙදිපිළි වෙළෙඳසැලක් බිඳ මුදල් හා භාණ්ඩ සොරාගනී; සොරුන් CCTV කැමරාවේ

හැටන් රෙදිපිළි වෙළෙඳසැලක් බිඳ මුදල් හා භාණ්ඩ සොරාගනී; සොරුන් CCTV කැමරාවේ

හැටන් නගරයේ වෙළෙඳසැල් ඉලක්ක කර ගනිමින් රාත්‍රී කාලයේ සිදුවන බිඳුම් හා සොරකම් මාලාව අතරතුර, නගර මධ්‍යයේ පිහිටි රෙදිපිළි වෙළෙඳසැලකට ද අද (25) අලුයම සොරුන් ඇතුළු වී මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් තිබේ.

ඊයේ (24) රාත්‍රී 1.00ට පමණ වෙළෙඳසැලේ ප්‍රධාන දොරටුව කඩා ඇතුළු වී ඇති සොරුන්, එහි තිබූ මුදල් ලාච්චුව ද කඩා එහි තිබූ මුදල් රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

සිද්ධිය CCTV කැමරාවේ සටහන් වෙයි

සොරුන් වෙළෙඳසැලට ඇතුළු වන ආකාරයත්, මුදල් ලාච්චුව කඩා මුදල් රැගෙන යන ආකාරයත් වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී තිබේ.

අද (25) උදෑසන වෙළෙඳසැලට පැමිණි හිමිකරු ප්‍රධාන දොරටුව කඩා ඇති බව දැක පරීක්ෂා කිරීමේදී සොරකම පිළිබඳව අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

හැටන් නගරයේ වෙළෙඳසැල්වලට රාත්‍රී කාලයේ ඇතුළු වී සිදුකරන මෙවැනි සොරකම් පිළිබඳව වෙළෙඳ ප්‍රජාව තුළ පවතින ආරක්ෂක ගැටලු යළිත් මතු කරමින් මෙම සිද්ධිය වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

hattion p

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න