මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ලබා දුන් ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය දෙසැම්බර් (11) වැනිදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ අද (25) දින නියම කළේය.
සැකකාර චාමර සම්පත් දසනායකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය අභියෝගයට ලක් කරමින්, එකී ඇප නියෝගය බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ කොමිසම මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
අද දින පෙත්සම කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (නීති) අනුෂා සම්බන්ධපෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
එහිදී දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ පෙත්සම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද?, නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන දෙසැම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.
එමෙන්ම, මෙම පෙත්සමට අදාළව ලබන 02 වැනිදාට හෝ ඊට පෙර විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා දෙපාර්ශ්වයටම නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
