Image

ක්‍රිකට් තේරීම්වල පක්ෂග්‍රාහීත්වය නතර කර විනිවිදභාවය ඇති කරන්න - විපක්ෂ නායක

ක්‍රිකට් තේරීම්වල පක්ෂග්‍රාහීත්වය නතර කර විනිවිදභාවය ඇති කරන්න - විපක්ෂ නායක

ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී පක්ෂග්‍රාහීත්වයෙන් හා දේශපාලනීකරණයෙන් තොර විනිවිදභාවයෙන් යුක්ත වැඩපිළිවෙළක් කරා යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ පැවැති අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී, ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැන කළ සාකච්ඡා කළ අවස්ථාවේදී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ඇහැට නොපෙනෙන අස්පර්ශනීය කරුණු ගැන අවධානය යොමු කරනවා වෙනුවට ඇහැට පෙනෙන කුසලතා, දක්ෂතා, ලකුණු රැස් කිරීම යන කරුණු කෙරෙහි ක්‍රීඩකයන් තේරීමේ දී අවධානය යොමු කිරීම වැදගත් වන බවයි. 70-80 දශකවල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියට පැමිණියේ ද දක්ෂතාවට මුල්තැන දී කටයුතු කළ නිසා බව ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම, ග්‍රාමීය ප්‍රදේශවලට විරුද්ධ පක්ෂග්‍රාහීත්වයක් සහ එක්තරා පාසල් කිහිපයකට පමණක් පක්ෂග්‍රාහීත්වයක් ඇති නිසා එවැනි දේවල් නොමැතිව විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙළක් කරා යා යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

එමෙන්ම, වසර ගණනාවක් පුරා පවුල් හා කණ්ඩායම් කිහිපයක් බලය පතුරා ක්‍රිකට් ක්‍රීඩාවේ ගැටලු රැසක් ඇති කළ බවත්, මේ දේශපාලනීකරණය නැති කරන්න දරන උත්සාහය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවද ඔහු කියා සිටියා.

එසේම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයන් ලෙස දායකත්වය ලබා දුන් දක්ෂ විශාල පිරිසක් සිටින බවත් එම නිසා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී හිටපු ක්‍රීඩකයන්ට විවෘත උපදෙස් දෙන්න අවස්ථාව ලබා දී විවෘත වේදිකාවක් සකස් කරන ලෙසත් ඔහු යෝජනා කළා.

තවද, ශ්‍රී ලංකා ක්‍රිකට් පනත සංශෝධනය කළ පසු ICC එය එකඟ නොවුවහොත් කරන දේ ගැන සෙවිය යුතු බවත් එවැනි දෙයක් කීමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහකා ඇතුලු නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් ද එක් විය.

WhatsApp Image 2026 11 25 at 7.47.40 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න