Image

දිලිත් ජයවීර ඇතුළු පිරිස ජපානයේ 'උෂිකු' මහා බුද්ධ ප්‍රතිමාව වැඳපුදා ගනී

දිලිත් ජයවීර ඇතුළු පිරිස ජපානයේ 'උෂිකු' මහා බුද්ධ ප්‍රතිමාව වැඳපුදා ගනී

ජපානයේ සංචාරයක නිරතව සිටින ව්‍යවසායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු කණ්ඩායම, ඊයේ දින (ඉල් පුර පසළොස්වක පොහෝ දිනයේ) ජපානයේ පිහිටි ලොව උසම බුද්ධ ප්‍රතිමා වහන්සේලා අතරින් එකක් වන 'උෂිකු දායිබුත්සු' (Ushiku Daibutsu) මහා බුද්ධ ප්‍රතිමාව වැඳපුදා ගනු ලැබීය.

ජපානයේ ඉබරකි (Ibaraki) ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම මහා බුද්ධ ප්‍රතිමාව මීටර් 120ක උසකින් යුක්ත වේ.

ඉතා අලංකාර උද්‍යානයක් සහිත මනරම් පරිසරයක පිහිටි මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ අභ්‍යන්තරයේ රන්වන් පැහැති බුද්ධ ප්‍රතිමා 3400 ක් පමණ තිබීම නරඹන්නන්ගේ මහත් විශ්මයට හා ගෞරවයට පාත්‍ර වන විශේෂත්වයකි.

WhatsApp Image 2026 11 25 at 7.46.44 AM

WhatsApp Image 2026 11 25 at AM

WhatsApp Image 2026 11 25 at 7

WhatsApp Image 2026 11 25 at 7.46.4

WhatsApp Image 2026 11 25 at 7.46.45 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න