Image

ඩුබායි T100 තුන්ප්‍රයාම තරගාවලියේදී ඉන්දික ගමගේ දක්ෂතා අතරට!

ඩුබායි T100 තුන්ප්‍රයාම තරගාවලියේදී ඉන්දික ගමගේ දක්ෂතා අතරට!

ඩුබායිහි  Al Mamzar Beach Park හිදී පසුගියදා පැවති 'T100 World Tour Dubai Age Group Triathlon 2026' තුන්ප්‍රයාම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේ දක්ෂතා අතරට පැමිණීමට සමත්ව තිබේ.

රටවල් 90කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේ අවුරුදු 30–34 වයස් කාණ්ඩය යටතේ තරග වැදුණු ඉන්දික ගමගේ, එම අංශයේ 21 වැනි ස්ථානය දිනා ගත්තේය.

WhatsApp Image 2026 11 21 at 7.05.54 PM

මෙම තුන්ප්‍රයාම ඉසව්ව යටතේ කිලෝමීටර් 2ක පිහිනුම් ඉසව්ව මිනිත්තු 38කින්ද, කිලෝමීටර් 80ක පාපැදි ධාවන ඉසව්ව පැය 2යි මිනිත්තු 19කින්ද නිම කළ ඔහු, කිලෝමීටර් 18ක දිවීමේ ඉසව්වද ඇතුළුව සමස්ත තරගය නිම කිරීමට පැය 4යි මිනිත්තු 32.41ක කාලයක් වාර්තා කළේය.

WhatsApp Image 2026 11 21 at PM

'T100 Triathlon World Tour 2026' තරගාවලිය වාර්ෂිකව රටවල් 9ක් කේන්ද්‍රකර කරගනිමින් අදියර කිහිපයක් යටතේ පැවැත්වේ.

 

WhatsApp Image 2026 11 14 at 8.20.38 PM

 

 

 

 

සටහන - සමීර මදුසංක හේවා ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න