Image

ඖෂධවේදය පිළිබඳ වෘත්තීය උපාධිධාරීන් 450ක් ඖෂධ සංයෝජක සේවයට!

ඖෂධවේදය පිළිබඳ වෘත්තීය උපාධිධාරීන් 450ක් ඖෂධ සංයෝජක සේවයට!

ඖෂධවේදය පිළිබඳ වෘත්තීය උපාධිය සාර්ථකව නිම කළ 450 ක පමණ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ උපාධි ප්‍රදානෝත්සවය එළඹෙන නොවැම්බර් 23 වන දින රාගම Wave n' Lake Navy Hall පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ජාතික රෝහල්වල සිට ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක දක්වා ඖෂධ කළමනාකරණ වගකීම් දරන අතුරු වෛද්‍ය සේවයේ නිලධාරීන් පිරිසක් මෙලෙස උපාධි ලබා ගැනීමට නියමිතය. සිය අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මැලේසියාවේ Asia e University හා අනුබද්ධිත IIHS Multiversity ආයතනයේ සම්බන්ධීකරණය යටතේ ඔවුන් මෙම උපාධි පාඨමාලාව හදාරා ඇත.

මීට සමගාමීව තවත් ඖෂධ සංයෝජක නිලධාරීන් 200කට ආසන්න පිරිසක් මේ වන විටත් අදාළ උපාධි පාඨමාලාව හදාරමින් සිටින අතර, ඔවුන් ද ලබන වසර වන විට සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීමට නියමිත බව රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය පවසයි.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන1,600කට ආසන්න ඖෂධ සංයෝජක නිලධාරීන් අතරින් 75%ක පමණ පිරිසක් කඩිනමින් වෘත්තීය උපාධිධාරීන් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා සේවයට එක්වූ මෙම නිලධාරීන් උපාධිධාරී තත්ත්වයට උසස් වීම තුළින්: රටේ මහජනතාව වෙත පුළුල් සේවයක් ලබාදීමටත්, සෞඛ්‍ය සේවය තුළ තම කාර්යයන් වෙත අනුගත වීමට ඇති ධාරිතාව සංවර්ධනය වීමෙන් සේවා කාර්යක්ෂමතාවය සංවර්ධනය වීම මත ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට ඇති හැකියාව ප්‍රවර්ධනය වනු ඇති බව රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එම්.එම්.එස්. බණ්ඩාර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න