Image

GLEC පළමු විදෙස් සමුළුව හෙට: දිලිත් ජයවීර ප්‍රමුඛ පිරිස ජපානයට

GLEC පළමු විදෙස් සමුළුව හෙට: දිලිත් ජයවීර ප්‍රමුඛ පිරිස ජපානයට

ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන 'ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යවසායක සමාජය' (Global Lankan Entrepreneur Club - GLEC) හි ජපාන සමුළුවට සහභාගී වීම සඳහා ව්‍යවසායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ප්‍රමුඛ සර්වජන බලයේ ජ්‍යේෂ්ඨයින් පිරිස ජපානයට ළඟා වී තිබේ.

සමුළුව හෙට (22) ජපානයේ සුකුබාහිදී පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ සංකල්පයක් මත ගොඩනැගුණු "GLEC" ඩිජිටල් වේදිකාව පසුගියදා කොළඹදී නිල වශයෙන් එළිදැක්විණි.

එම ඩිජිටල් වේදිකාව පිළිබඳව ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ ජාත්‍යන්තර වැඩසටහන් මාලාවේ පළමු විදෙස් සමුළුව මෙලෙස ජපානයේ සුකුබාහිදි හෙට පැවැත්වීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න