Image

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ගත් පියවර පිළිබඳ ඇමරිකානු විද්වතුන්ගේ ප්‍රශංසා

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ගත් පියවර පිළිබඳ ඇමරිකානු විද්වතුන්ගේ ප්‍රශංසා

ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ (University of Illinois, Chicago- UIC-School of Public Health) ගෝලීය සෞඛ්‍ය වැඩසටහනෙන් ලැබුණු ආරාධනයක් මත මහාචාර්ය චන්න ජයසුමන  එහි ගොස් සිටියි.

එහිදී ඒ මහතා ලොව පුරා නිවර්තන කලාපීය කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය පිළිබද ශ්‍රී ලාංකික පර්යේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කරන ලදි.WhatsApp Image 2026 11 21 at 6.49.30 PM

මීට වසර 15 පමණ පෙර මෙම රෝගය ශ්‍රී ලංකාව සහ මධ්‍යම ඇරිකානු රටවල් කිහිපයකට සීමා වුව ද අද වනවිට රටවල් 25 කින් පමණ රෝගීන් වාර්තා වී ඇති බව එහිදී හෙළි විය.

පර්යේෂණ ප්‍රතිඵල මත පදනම් ව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ශ්‍රී ලංකාවට ගනු ලැබූ පියවර නිසා මේ වන විට රෝගය සැලකිය යුතු ලෙස පහළ යාමක් දක්නට ලැබේ. විවිධ බාධක මධ්‍යයේ ගනු ලැබූ එම පියවර පිළිබඳ ඇමෙරිකානු විද්වතුන්ගේ විශේෂ ඇගයීමක් හිමි විය.

ලොව අනෙකුත් රටවල කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ශ්‍රී ලංකාව ආදර්ශයක් (model) ලෙස යොදාගත හැකි බව මෙහිදී ප්‍රකාශ විය.WhatsApp Image 2026 11 21 at 6.49.30 PM 1

WhatsApp Image 2026 11 21 at 6.49.30 PM 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න