Image

“භාණ්ඩාගාරය පිරුණට ජනතාව අතේ මුදල් නෑ” - සජිත් ප්‍රේමදාස

“භාණ්ඩාගාරය පිරුණට ජනතාව අතේ මුදල් නෑ” - සජිත් ප්‍රේමදාස

මහා භාණ්ඩාගාරය පිරී ගියද ජනතාව අත මුදල් නොමැති වීම බරපතළ ගැටලුවක් බවත්, ආර්ථිකය ඉදිරියට යාමට නම් ජනතාව අත මුදල් සංසරණය විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැත්වෙන ‘Colombo Motor Show’ වාහන ප්‍රදර්ශනයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස පැවසුවේ අයවැයක් ඉදිරිපත් කරමින් විවිධ සංඛ්‍යාලේඛන පෙන්වන රජය මෙවැනි ප්‍රදර්ශන නැරඹීමට පැමිණිය යුතු බවත්, පසුගිය වසරට සාපේක්ෂව මෙවර ජනතා සහභාගීත්වයේ අඩුවක් පෙනෙන්නට තිබෙන බවයි. ව්‍යවසායකත්ව ව්‍යාපාර චක්‍රය ඇණ හිටින තැනක් වන්නේ ජනතාව අතේ මුදල් නොමැති වීම බවත් ආර්ථිකයක් ඉදිරියට යාමට නම් ජනතව අත මුදල් තිබිය යුතු වුවත් දැන් ජනතාව අත මුදල් නොමැති බව පෙනෙන්නට තිබෙන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටේ බොහෝ දෙනාගේ හීනයක් වන්නේ වාහනයක් හිමිකර ගැනීම බවත් මෙම 'Colombo Motor Show' වැනි ප්‍රදර්ශනයක් පැවැත්වීම වැදගත් බවත්, මින් ඔබ්බට ගොස් වාහන නිෂ්පාදන කර්මාන්තය මෙරටට ගෙන ආ යුතු බවද සජිත් ප්‍රේමදාස පැවසීය.

රටේ ආයෝජන හිතකර පරිසරයක් තිබිය යුතුයි

මේ සඳහා අවශ්‍ය ආයෝජන හිතකර පරිසරයක් රටේ නිර්මාණය විය යුතු බවත්, එය තුළින් අලෙවිය පමණක් නොව වාහන නිෂ්පාදනය ද සිදු කළ හැකි අතර වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ රටක් ලෙස විශාල උනන්දුවක් අත්කර ගත හැකි බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අදාළ වීඩියෝව පහළින්>>

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න