කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ගෝලීය දින 16ක ක්‍රියාකාරීත්වයට සහාය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ වැඩසටහනට එක්විය.
පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ප්‍රචණ්ඩත්වයට එරෙහි පණිවිඩය සංකේතවත් කරන විශේෂ ලාංඡනයක් පිරිනැමීමට කටයුතු කර තිබිණි. විපක්ෂ නායකවරයා ද එම ලාංඡනය පැළඳ ගනිමින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ගෝලීය වැඩපිළිවෙළට සිය සහයෝගය පළ කළේය.
මෙම ජාත්‍යන්තර වැඩසටහනේ සංකේතාත්මක වර්ණය වන තැඹිලි පැහැය ප්‍රවර්ධනය කරමින්,තැඹිලි හෝ තැඹිලි පැහැයට හුරු ඇඳුමින් සැරසී ඊට සහාය දක්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඊට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද දින තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටීම විශේෂත්වයකි.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
