Image

සජිත්ගෙන් ‘දරුවන්ට කෝටියක්’

සජිත්ගෙන් ‘දරුවන්ට කෝටියක්’

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන්ට ලබාදෙන රුපියල් කෝටියක විමධ්‍යගත මුදල් යොදාගනිමින් කොළඹ දිස්ත්‍රීක්කයේ පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යාවශය සුහුරු පුවරු (Smart Boards) පරිත්‍යාග කිරීමේ නව වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (25) ආරම්භ කළේය.

ඔහු එය නම් කර ඇත්තේ ‘දරුවන්ට කෝටියක්’ ලෙසිනුයි.

හෝමාගම සුනිල් පෙරුම්බුලි ශාලාව පැවති එම උත්සවයකදී හෝමාගම අධ්‍යාපන කළාපයේ පාසැල් 8 ක් සඳහා ස්මාට් බෝඩ්ස් පිරිනැමීම සිදු කෙරිණි.

ඒ අනුව මේ වසරේ විමධ්‍යගත මුදලින් හෝමාගම, පිළියන්දල, ජයවර්ධනපුර සහ කොළඹ අධ්‍යාපන කළාපවල පාසැල් 36 සඳහා ස්මාට් බොඩ්ස් ලබාදීමට නියමිතයි.

බදු ගෙවන ජනතාවගේ මුදල් දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විමධ්‍යගත මුදල් ලබාදීමේ අරමුණු රටට අගයක් එකතු කරන ව්‍යාපෘති දියත් කිරීම බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රටේ බදුගෙවන ජනතාව සතු මෙම රුපියල් කෝටියක මුදල රටේ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා යෙදවීමට තමන් අදහස් කළ බවද අවධාරණය කළේය.

2027 වසර සඳහා ලැබෙන රුපියල් කෝටියක මුදලද මේ අයුරින්ම රටේ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා යොදවන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

WhatsApp Image 2026 11 26 at 9.28.47

 

සිසු දරුවා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයකට යොමු වීමේ වැදගත්කම

“ලෝකයේ අධ්‍යාපනය තාක්ෂණ අතින් වේගයෙන් ඉදිරියට යද්දී, අපි බලන්නට ඕන අපේ අධ්‍යාපන ක්‍රමයත් අතීතවාදී ඉල්ලීමට හැඩ ගස්සනවද? එහෙමත් නැත්නම් අනාගතවාදී විදිහට දියුණු කරනවද කියන කාරණාව. විශේෂයෙන්ම විභාග ක්‍රමය ඇතුලේ ලකුණු ලබාගැනීම වැදගත්, එයිනුත් ඉහළ ලකුණු ලබාගැනීම ගොඩක් වැදගත්. හැබැයි, ලෝකය ජය ගන්නට ඒක ප්‍රමාණවත් ද? නැහැ. විශේෂයෙන්ම නූතන අධ්‍යාපනයේ ප්‍රධාන සංකල්ප හතරක් තිබෙනවා. ඒක හඳුන්වන්නේ 4Cs කියලා. Critical Thinking - විචාරශීලීව සිතීම. Creativity - නිර්මාණශීලීත්වය. Communication - සන්නිවේදන හැකියාව. Collaboration - අන් අය සමඟ එකට එකතුවී කටයුතු කිරීම. ඉතිං අපේ දරුවන් ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා මතක තබා ගන්නවට වඩා වැදගත් වෙන්නේ, ඒ අය නිවැරදි ප්‍රශ්න අසන්නන් වීම. තොරතුරු ලබාගැනීම පමණක් නොවෙයි, ඒ තොරතුරු ලබාගෙන ඒවා අධ්‍යයනය කරන්නත් ඕන, විශ්ලේෂණය කරන්නත් ඕන, සත්‍යතාවය පරීක්ෂා කරන්නත් ඕන. දැනුම භාවිතා කරලා ගැටළු වලට විසඳුම් ලබාගන්නත් ඕන. ඇත්තටම අධ්‍යාපනයේ ඉදිරි පිම්මක් ගන්න නම්, ගුරුවරයා කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට ගිහිල්ලා සිසු දරුවා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයකට යොමු වෙන්න ඕන. ලෝකයේ අධ්‍යාපන දියුණුව ලබපු රටවල්වල විශේෂයෙන්ම අනුගමනය කරන්නේ එන්න ඒ Student - Centered Education සංකල්පය.”

 

ගුරුවරයාගේ කාර්යභාරය කිසිදු තාක්ෂණයකට ඉටුකළ නොහැකියි

අධ්‍යාපන පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය ගුරුවරයා බවත්, ස්මාට් තිරයකට හෝ කෘතිම බුද්ධියට ගුරුවරයාගේ කාර්යභාරය ඉටු කිරීමට නොහැකි බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, ගුරුවරයා යනු උපදේශකයෙක්, මග පෙන්වන්නෙක්, නායකත්වය පිළිබඳව අවබෝධයක් ලබාදෙන්නෙක් බවයි. ඒ හේතුවෙන් කවර තාක්ෂණයකට උවද, ගුරුවරයාගේ කාර්යභාරය ඉටුකළ නොහැකි බවත්, නවීන අධ්‍යාපනය දරුවන්ට ලබාදීමේදී ගුරුවරයා සමඟ තාක්ෂණය සම්බන්ධ කළ යුතු බවත්, ඊට ඔවුන් පුහුණු කළ යුතු බවත් ඔහු කියා සිටියා.

 

ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ඩිජිටල් අධ්‍යාපන පද්ධතියක්

“ඔබ හිතනවද දරුවෙකුගේ සම්පූර්ණ හැකියාව පැය තුන හතරක විභාගයකින් අපිට මනින්න පුළුවන් කියලා. විවිධ දරුවන්ට තියෙනවා විවිධ හැකියාවන්. සමහරු ගණිතයට දක්ෂයි, තවත් කෙනෙක් විද්‍යාවට දක්ෂයි, ක්‍රීඩා කුසලතාවය තියෙන දරුවෝ ඉන්නවා, ඒ වගේම තාක්ෂණය, නායකත්වය ආදී විවිධ දක්ෂතාවලින් හෙබි දරු පරපුරක් අපිට ඉන්නවා. ඒත් පැය තුන හතරක විභාගයකින්, ඒ දරුවන්ගේ දක්ෂතා මනින්න අපිට බෑ. මම හිතන්නේ කටපාඩම් කරන Rote learning, ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයක්. දරුවෙකුගේ උගත්කම, බුද්ධිය මනින්න හොඳම ක්‍රමවේදයක් නෙමෙයි කියලා. ඒ වගේම ඩිජිටල් ස්මාර්ට් බෝඩ් එකක් ලබා දුන් පමණින් එක්වරම අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් සිදුවෙන්නේ නෑ, ඒත් අපි බලාපොරොත්තු වෙන පරිවර්තනාත්මක වෙනස වෙනුවෙන් මේක පළවෙනි පියවර විය යුතුයි. ඇත්ත වශයෙන්ම මේ සංකල්පය Digital educational ecosystem ( ඩිජිටල් අධ්‍යාපන පද්ධතියක්) නිර්මාණය කිරීමයි.”

සුහුරු පන්තිකාමර හරහා දරුවන්ට දෘශ්‍යමය අත්දැකීම්

මෙහිදී වැඩිදරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ…, පන්ති කාමරයකට ස්මාර්ට් තිරයක් ලැබීම හරහා එය Smart Classroom ( සුහුරු පන්තිකාමරයක්) බවට පරිවර්ථනය කිරීමේ මූලික පියවර තැබීමට හැකි වන බවයි. එවිට කළු ලෑල්ල වෙනුවට ඩිජිටල් තිරයක් හරහා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළට නැංවීමට හැකිවන බවද ඔහු කියා සිටියේය.

“විශේෂයෙන්ම පුංචි උදාහරණයක් කිව්වොත්, විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයාට මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය ගැන ත්‍රිමාණ රූප හරහා අවබෝධයක් ලබාගන්න අවශ්‍යනම් මේ ඔස්සේ ඒකට හැකියාව උදාවෙනවා. තව භූගෝල විද්‍යාව ඉගෙන ගන්න දරුවෙකුට ලෝකයේ සාගර, ගිනිකඳු, වනාන්තර, පරිසර පද්ධති ගැන මේ ස්මාර්ට් බෝඩ් එක හරහා දෘශ්‍යමය අත්දැකීම් ලබාගන්නත් පුළුවන්. (Visual experience) ඇහැට පෙනෙන අත්දැකීම් ලබාගැනීම වැදගත්. ඒ වගේම ඩිජිටල් සබඳතා තුළ විවිධ රටවල්වල විද්‍යාඥයින්, පර්යේෂකයන්, විශේෂඥයින්, අධ්‍යාපන ආයතන වල බොහෝ දෙනාගේ පර්යේෂණත් අධ්‍යනය කරන්න අවස්ථාව සලසා ගන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අවශ්‍ය දැනුම සහිත විද්වතුන් සම්බන්ධ කරගෙන ඒ අයගේ දැනුම සහ අත්දැකීම් බෙදා හදා ගන්නත් පහසුකම් මේ හරහා සලසා ගන්න පුළුවන්. මම මේ කිව්වේ මේ ස්මාර්ට් බෝඩ් එක හරහා දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නංවා ගන්න පුළුවන් ප්‍රතිලාභ කිහිපයක් විතරයි.”

සිහින විශාල කරගෙන තෙවැනි භාෂාවකුත් ඉගෙන ගන්න

සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී දරුවන්ගෙන් ඉල්ලීමක් ද කළා, “ හැම තිස්සෙම ලොකුවට හිතන්න. අපේ රට පුංචි වුණාට අපේ සිහින විශාල කරගන්න. හැම තිස්සෙම තාක්ෂණික දැනුම වර්ධනය කරගන්න. ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න, ඒ වගේම වැඩිම වෙළඳ පොලක් තියෙන රටවල් විදිහට ඉන්දියාව, චීනය, ජපානය වගේ රටවල් වල භාවිතා කරන භාෂාවත් තෙවෙනි භාෂාවක් විදිහට ඉගෙන ගන්න. ඒක ලෝකය දිනන් වැදගත් වේවි. හැම තිස්සෙම දැනුමෙන් පොහොසත් වෙන්න, එතකොට මුදලින් පොහොසත් වෙන එකත් පහසු වේවි. ඒ ගමනේදි මානව ගුණධර්ම, විනය, මනුස්සකම, ආරක්ෂා කරගන්න.”විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට හෝමාගම සජබ සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගගේ, අවිස්සාවේල්ල සංවිධායක නීතිඥ සුදත් වික්‍රමරත්න, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් සහ හෝමාගම කළාපයේ පාසැල් අටේ විදුහල්පතිවරු සිසුන් දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Image 2026 11 26 aAM

sajithwi1126

WhatsApp Image 2026 11 26 at 9.34.47 AM

WhatsApp Image 2026 11 26 at 9.28.48 AM

WhatsApp Image 2026 11 26AM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න