ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව එම සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරියක වන ජානකි සිරිවර්ධන ලබන 1 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (20) නියෝග කළේය.
එමෙන්ම, මෙම සැකකාරිය සම්බන්ධයෙන් ඇප නියෝගය ඉදිරි දින ප්‍රකාශ කරන බවද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එදිනට බන්ධනාගාරයේ සිටිනම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධියට අදාළව කරුණු දක්වමින් අල්ලස් කොමිසම, මෙම සිද්ධියට අදාළව 1, 2 සහ 6 වන සැකකරුවන් වන ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා සහ ආශ්චර්යා සෝනි යන අයට වරෙන්තු නිකුත් කිරීම සදහා අධිකරණයේදී සාක්ෂි මෙහෙයුමක් සිදුකරන බව දන්වා සිටියේය.
මීට අමතරව, සිද්ධියට අදාළ 4 වැනි සැකකරු වන නාමල් රාජපක්ෂගේ අත්අකුරු පරීක්ෂාවට අදාළ ලේඛනය කොළඹ මහාධිකරණය මගින් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, රස පරීක්ෂකවරයා දැනුම් දෙන දිනයකදී එම ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවසිණි. තවද, 3 වැනි සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන අද අධිකරණයට ඉදිරිපත් කරන බව ද අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් වරෙන්තු ඉල්ලීමට සාක්ෂි විභාගය ඉදිරි දින ඉදිරිපත් කරන ලෙසත් එදින දක්වා තුන්වන සැකකාරී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙර නඩු දිනයේ දී ඇප මත මුදා හැර තිබුණ ද ඉකුත් 18 වන දා කොළඔ මහාධිකරණය විසින් එම ඇප නියෝගය වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම අතුරු තහනම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත වේ.
මෙම සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන යන අයට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 01 දා කැඳවිමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
