Image

IRD මූලස්ථානයේ හටගත් ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ!

IRD මූලස්ථානයේ හටගත් ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ!

කොළඹ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථාන ගොඩනැගිල්ලේ බිම් මහලේ අද (19) පස්වරුවේ ඇති වූ සුළු ගිනි ගැනීමේ තත්ත්වයක් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වූ බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මූලස්ථාන ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ මෙම ගින්න හටගෙන තිබේ. ඒ පිළිබඳව තොරතුරු වාර්තා වූ වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවීමේ ඒකකය සහ දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ගින්න පැතිර යාමට නොදී කඩිනමින් පාලනය කර ඇත.

මෙම සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති අතර, දෙපාර්තමේන්තු දේපළවලටද සැලකිය යුතු හානියක් සිදුව නොමැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්යාල කටයුතු සඳහා කිසිදු බාධාවක් එල්ල වී නොමැති අතර, කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ගින්න ඇතිවීමට හේතුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කාර්යාලය ප්‍රකාශ කළේය.

- ජේ.මුණසිංහ -

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න