33 වැනි APEC ආර්ථික නායක සමුළුවට එක්වීම සඳහා Shenzhen නගරයට පැමිණ සිටින සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සහ ආර්යාව Peng Liyuan විසින් විශේෂ පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ.
ඊයේ (18) රාත්‍රියේ Shenzhen ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථාන ශාලාවේදී පැවති මෙම භෝජන සංග්‍රහය අමතමින් ෂී ජින්පිං, චීන රජය සහ ජනතාව වෙනුවෙන් සියලුම අමුත්තන් උණුසුම් ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ‘Shenzhen’ නගරයේ කතාව චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය පිළිබිඹු කරන සියුම් ආදර්ශයක් බවයි.
එමෙන්ම, ‘Shenzhen’ හි සංවර්ධනයේ කතාව ආසියා-පැසිෆික් සහයෝගිතාවේ සාර්ථක නිදසුනක් ලෙස ද සැලකිය හැකි බවත්, භූගෝලීය සීමා සහ මතවාදී වෙනස්කම් අභිබවා යමින්, ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථිකයන් කලාපීය සහයෝගිතාවේ පුළුල් වේදිකාවට සක්‍රියව එක්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එමගින් වේගවත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගනිමින් ‘ආසියා පැසිෆික් ආශ්චර්යය’නිර්මාණය කළ බවයි ඔහු පැවසුවේ.

ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සංවිධානය (APEC) පිහිටුවීමේ සිටම, එම සංවිධානය කාලීන අවශ්‍යතා මනාව හඳුනා ගනිමින්, ආසියා පැසිෆික් ආර්ථික ඒකාබද්ධතා ක්‍රියාවලියට නායකත්වය ලබා දී ඇති බව ෂී ජින්පිං අවධාරණය කළේය.
මේ හරහා එම කලාපය ලෝකයේ වඩාත්ම ජීවගුණයෙන් පිරි ආර්ථික කලාපයක් මෙන්ම ප්‍රධාන ආර්ථික වර්ධන එන්ජිමක් බවට පත් කිරීමට APEC සංවිධානය සමත් වී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දිනුෂි ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
