අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) තහවුරු කළේය.
එම සිර දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචනය කැඳවනු ලැබීය. එහිදී විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ වහාම රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල, අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇයව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද නියම කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
