Image

රතු කුරුස ‘RESPONSE’ ඩිජිටල් අරමුදල් වැඩසටහන ඇරඹේ; සන්නාම තානාපති ලෙස දනු ඉන්නසිතම්බි පත් වෙයි

රතු කුරුස ‘RESPONSE’ ඩිජිටල් අරමුදල් වැඩසටහන ඇරඹේ; සන්නාම තානාපති ලෙස දනු ඉන්නසිතම්බි පත් වෙයි
  • ශ්‍රී ලංකා රතු කුරුස සංගමයෙන් 'RESPONSE' ඩිජිටල් අරමුදල් රැස්කිරීමේ නව මුලපිරීමක්, මානවවාදී සන්නාම තානාපති ලෙස දනු ඉන්නසිතම්බි පත්වෙයි.
  • රතු කුරුස මානුෂීය ව්‍යාපෘති සඳහා විද්‍යුත් පරිත්‍යාග සක්‍රිය කිරීමට Mastercard සහ Payable එක්වෙයි.

 

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS) මගින් ක්‍රියාත්මක කරනු ලබන මානවවාදී ව්‍යාපෘති සඳහා සහාය දැක්වීම පිණිස සංවිධානය කරන ලද නව විද්‍යුත් අරමුදල් රැස්කිරීමේ 'RESPONSE' මුලපිරීම නිල වශයෙන් දියත් කිරීම පසුගියදා (13) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මානුෂීය ව්‍යාපෘති සඳහා සහාය වීම වඩාත් පහසු, ප්‍රවේශ විය හැකි මෙන්ම අර්ථවත් කිරීමේ අරමුණින් ඩිජිටල් පරිත්‍යාග සඳහාම මෙම වැඩසටහන විශේෂයෙන් නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මෙම නව විද්‍යුත් අරමුදල් රැස් කිරීමේ වැඩසටහන මගින් දිවයින පුරා ක්‍රියාත්මක වන මානුෂීය මෙහෙයුම් සඳහා ඩිජිටල් පරිත්‍යාග ඔස්සේ සෘජුවම සහාය වීමට අවස්ථාව සැලසේ. මෙම ඩිජිටල් ව්‍යාපෘතියේ විද්‍යුත් මූල්‍ය සහායකයන් (E-financial partners) ලෙස Mastercard සහ Payable යන ආයතන කටයුතු කරනු ලබයි.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මෙම දියත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ සහභාගි විය.

ඩිජිටල් පරිත්‍යාග හරහා ක්‍රියාත්මක වන මෙම 'RESPONSE' ව්‍යාපෘතියේ මානවවාදී සන්නාම තානාපතිවරයා ලෙස මෙරට ජනප්‍රිය මාධ්‍යවේදියෙකු, රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, රංගන ශිල්පියෙකු, ගායකයෙකු මෙන්ම ලේඛකයෙකු වන දනු ඉන්නසිතම්බි නම් කරනු ලැබීය. යාපනයේ උපත ලබා පසුව කොළඹට පැමිණි දනු ඉන්නසිතම්බි මහතා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සිය නිර්මාණාත්මක හා මාධ්‍ය කාර්යයන් හි නිරත වන සුවිශේෂී කලාකරුවෙකු ලෙස අද ක්ෂේත්‍රයේ කටයුතු කරයි.

WhatsApp Image 2026 11 15 at 4.2 PM

උත්සව සභාවේ දී දනු ඉන්නසිතම්බි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමඟ නිල වශයෙන් සන්නාම තානාපති ගිවිසුම අත්සන් කළේය. මෙම අවස්ථාවට Mastercard Sri Lanka හි RESPONSE ව්‍යාපාර කමිටුවේ සභාපති සහ ගිණුම් කළමනාකරණ අධ්‍යක්ෂ ශෂි මදනායක, ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ පරිපාලන මණ්ඩලයේ සාමාජික ආචාර්ය අමිල කංකානම්ගේ ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීහු රැසක් එක්වූහ.

WhatsApp Image 2026 11 15 at 4.20.59 PM

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය යනු මෙරට මානුෂීය ක්ෂේත්‍රයේ සේවය කරන ස්වාධීන මානුෂීය සංවිධානයකි. 1936 වසර දක්වා දිවෙන දීර්ඝ මානුෂීය සේවා ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, 1951 වසරේ දී රාජකීය ප්‍රඥප්තිය (Royal Charter) මගින් සංස්ථාගත කර ඇත.

එසේම, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරයේ (International Red Cross and Red Crescent Movement) සාමාජිකයෙකු ලෙස ද ශ්‍රී ලංකා රතු කුරුස සංගමය කටයුතු කරයි.

- ජේ.මුණසිංහ -

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න