ආණ්ඩුවට කඩේ යන එක නවත්වන්න බැහැ - නිර්මාල් රංජිත් දේවසිරි

ආණ්ඩුවට කඩේ යන එක නවත්වන්න බැහැ - නිර්මාල් රංජිත් දේවසිරි

මාලිමා ආණ්ඩුව පත් කිරීම වෙනුවෙන් තමන් වෙහෙස මහන්සි වුව ද ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය දැක්විය නොහැකි බව ප්‍රකාශ කරමින් මහාචාර්ය අර්ජුන පරාක්‍රම දක්වා තිබිණ.

එම ප්‍රකාශයේ එක් තැනක මෙලෙස සඳහන්ව තිබිණි.

අගමැතිතුමිය මේක පක්ෂ මට්ටමෙන් බලන්න එපා. ඔබතුමියට අපිව පිළිකුල් වෙන්න පුළුවන්. අපිව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ. අධ්‍යාපනය වටිනව. ඒ අධ්‍යාපනය වෙනුවෙන් අපි එකතු වෙන්න ඕනෙ. මම කඩේ යන නඩේටත් කියන්නෙ මේකයි කඩේ ගියා ඇති. නඩෙත් කතා කරා ඇති. මේ ප්‍රශ්නයට අපි මුහුණදෙමු. දැන් මගේ සහෘදයොත් ඉන්නවා. ඒගොල්ලොත් කියනවා අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනෙ කියල. හැබැයි අධ්‍යාපනය ආරක්ෂා කරන්නෙ කවුදඅධ්‍යාපනය ආරක්ෂා කෙරෙන්නෙ නැද්දඒක තමයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය.

මෙමඅදහසට ප්‍රතිචාර ලෙස මහාචාර්ය නිර්මාල් රංජිති දේවසිරි සිය face book පිටුවේ කුඩා සටහනක් තබා තිබිණ.

මතු පළ වන්නේ එම සටහන යි.

''අර්ජුන පරාක්‍රම හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ!!!

අර්ජුන පරාක්‍රම මං වගේ අයට කියල ආණ්ඩුවට කඩේ යන එක නවත්තල අධ්‍යාපනයට කරන විනාශය විරුද්ධව වැඩ කරන්න කියල (වචන මෙහෙමමද කියල මතක නැහැ. පණිවිඩය මේකයි.). එහෙම කරන්න බැහැ. මට අවශ්‍ය දෙකම කරන්න. ආණ්ඩුවට කඩේ යන එක ප්‍රමුඛයි. නමුත් දෙවෙනි එකත් වැදගත්. මීට කලින් වටයේ මමත් අර්ජුනත් එක වේදිකාවෙ හිටිය. දැන් බැහැ. මොකද මම ආණ්ඩුවට කඩේ යන නිසා. නමුත් අර්ජුන කරන වැඩේ ඉතා වැදගත්. ඒ නිසා අර්ජුනගේ කතිකාව ඉදිරියට යාම වැදගත් සහ ඒ හරහා ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අභියෝග කිරීමත් අත්‍යාවශ්‍ය දෙයක්. දැන් අර්ජුනගේ කතිකාවට සපෝට් කරන අය මාලිමා විරෝධී කදවුර තුළින් මතුවෙමින් ඉන්නව. විශේෂයෙන් “අව්‍යාජ ජාතිකවාදීන්“ කීපදෙනෙක්ම අර්ජුනගේ කතිකාව ප්‍රවර්ධනය කරනව දැක්ක. ඒක හොද දෙයක්. ඒ නිසා අධ්‍යාපනය පිළිබද අර්ජුනගේ කතිකාවට ආණ්ඩු විරෝධී අවකාශය තුළ ජය කෙහෙළි නැංවීමට අපි වගේ ආණ්ඩුවට කඩේ යන අය පැත්තකට වෙලා ඉන්න එකත් හොදයි. ආණ්ඩු විරෝධී අවකාශයේ බුද්ධිමය ආධිපත්‍යය අර්ජුනගේ කතිකාවට ලැබෙන එක පශ්චාත්-2022 දේශපාලනය තුළ අවශ්‍යම දෙයක්.

ප.ලි. මගේ වැඩි කැමැත්ත ආණ්ඩුව තමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වෙනුවෙන් තින්ක් ටෑන්ක් එකක් හදල එහි මූලිකත්වය අර්ජුන වගේ කෙනෙකුට භාර දෙනව දකින්න. නමුත් ඒක වෙන්නෙ නැහැ. ඒ නිසා මේ විදිහට තමයි වෙන්න පුළුවන්.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න