Image

කස්සප හිමිගෙන් ප්‍රකාශයක් ගන්න CCD ය අධිකරණයෙන් අවසර ඉල්ලයි!

කස්සප හිමිගෙන් ප්‍රකාශයක් ගන්න CCD ය අධිකරණයෙන් අවසර ඉල්ලයි!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ දිසා අපරාධ කොට්ඨාශය අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දන්වා සිටුයේය.

අධිකරණයට මෝසමක් ගොනු කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය පවසා සිටියේ, ඉකුත් දා විහාරමහා දේවි උද්‍යානයේ දී පැවති සත්‍යග්‍රහයක දී පොලිස් නිලධාරීන් විසින් බලංගොඩ කස්සප හිමිට පහර දුන් බවට මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇති බවයි.

ඉන් පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් කොළඹ දිසා අපරාධ කොට්ඨාශයට දන්වා ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

ඒ අනුව, එම විමර්ශනයට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවත්, දැනට වෙනත් සිද්ධියකට අදාළව එම හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, කොළඹ දිසා අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න