දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන සහ නැවත ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියාව විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවට වෛද්‍ය කුටි/'සෞඛ්‍ය ATM' 50ක් ලබාදීම සඳහා රුපියල් මිලියන 225ක ප්‍රදානයක් පිරිනමන බව ඉන්දීය රජය නිවේදනය කර තිබේ.
2026 නොවැම්බර් 11 වන දින කොළඹ දී පැවති BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව, ඉන්දියාවේ සෞඛ්‍ය සහ පවුල් සුබසාධන සහ රසායනික ද්‍රව්‍ය සහ පොහොර අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර පැවති ද්විපාර්ශ්වික හමුවෙන් අනතුරුව මෙම නිවේදනය සිදුකරන ලදී.
මෙම වෛද්‍ය කුටි/සෞඛ්‍ය ATM මගින් විශේෂයෙන්ම ග්‍රාමීය සහ පහසුකම් අඩු ප්‍රදේශවල අත්‍යවශ්‍ය රෝග නිශ්චය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වැඩිදියුණු කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. මේ තුළින් රෝග කල්තියා හඳුනාගනිමින් රජයේ රෝහල් මත පැටවෙන බර අවම කිරීමට ද හැකි වනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
