2027 අයවැය, රටේ ආර්ථිකය ස්ථාවරත්වයෙන් පරිවර්තනයකට ගෙනයන, ඉතාමත් ප්‍රායෝගික සහ බලාපොරොත්තු සහගත අයවැයක් බව ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු පවසයි.
අයවැය ඉදිරිපත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය ප්‍රනාන්දු සඳහන් කළේ, තමා චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙසත්, ආර්ථික විද්‍යා විශ්ලේෂකයෙක් ලෙසත්, ජාත්‍යන්තර ආයෝජන උපදේශකයෙක් ලෙසත් මේ අයවැය දිහා තුන් පැත්තකින්ම බැලූ බවයි.
තුන් පැත්තකින්ම තමාට පෙනුණේ එකම දෙය බවත්, ඒ රට හදන්න හදන අවංක උත්සාහයක් බවත් ඔහු අවධාරණය කළේය.
"මේ අයවැය ගැන මම මුලින්ම කියන්නේ එක වචනයයි. මේක හොඳ අයවැයක්. ලේසියෙන් හදපු, ජනප්‍රිය වෙන්න හදපු අයවැයක් නෙමෙයි. රටේ ඇත්ත තත්ත්වය තේරුම් අරන්, අමාරු තීරණ අරන් හදපු අයවැයක්. ඒකයි මේක වටින්නේ." යැයි ඔහු පැවසුවේය.
ආදායම සහ වියදම ගැන පැහැදිලි චිත්‍රයක්
2027 වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 6,180ක් ලෙසත්, වියදම රුපියල් බිලියන 7,933ක් ලෙසත් ඉදිරිපත් වී තිබීම ගැන අදහස් දක්වමින් ආචාර්ය ප්‍රනාන්දු මහතා කියා සිටියේ, ආණ්ඩුව ඉලක්කම් හංගලා නැති එකම ලොකු දෙයක් බවයි.
"ආදායම බිලියන 6,180යි, වියදම බිලියන 7,933යි. හිඟය බිලියන 1,753යි. මේක 4.5%යි. ආණ්ඩුව මේක හංගලා නැහැ. ඇත්ත කියලා තියෙනවා. ඒ අවංකකම තමයි ආයෝජකයෙක් විදියට මට වැදගත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත්, ලෝක බැංකුවටත්, විදේශ ආයෝජකයාටත් ඕනේ මේ අවංකකම." ඔහු පැවසීය.
ණය පොලී සඳහා රුපියල් බිලියන 2,643ක් සහ ණය මූලික වාරික සඳහා රුපියල් බිලියන 2,204ක් වෙන් කර තිබීම ගැන ඔහු කියා සිටියේ, ඒක අමාරු ඇත්තක් වුණත්, එයින් පැනලා යන්න බැරි බවයි. "අපි ගත්තු ණය අපිම ගෙවන්න ඕන. ඒකෙන් පැනලා යන්න බැහැ. ඒත් මේ අයවැයෙන් පොලී ගෙවලාත් රුපියල් බිලියන 890ක ප්‍රාථමික අතිරික්තයක් තියෙනවා කියන්නේ, රට දැන් හරි පාරේ යනවා කියන එකයි. ඒක 2.6%ක්. ඒක සුළුපටු දෙයක් නෙමෙයි." යනුවෙන් ඔහු සඳහන් කළේය.
සිනමාවට ලැබුණු සාධාරණ සහනය
මෙවර අයවැයෙන් සිනමා කර්මාන්තයට ලැබුණු වැදගත්ම සහනය ගැන විශේෂයෙන් අදහස් දක්වමින් ආචාර්ය ප්‍රනාන්දු පැවසුවේ, සිනමා ටිකට් පතේ VAT එක ගණනය කරන ක්‍රමය වෙනස් කිරීම ඓතිහාසික තීරණයක් බවයි.
"මෙච්චර කල් වෙච්ච ලොකුම අසාධාරණය තමයි එකම ටිකට් එකට හැමෝම බදු ගෙවපු එක. නිෂ්පාදකයා, බෙදාහරින්නා, ජාතික චිත්‍රපට සංස්ථාව, සිනමාහල් හිමිකරු හැමෝම එකම ටිකට් එකට බදු ගෙව්වා. දැන් ආණ්ඩුව කියනවා, තමන්ට ලැබෙන කොටසට විතරක් බදු ගෙවන්න කියලා. මේක හරිම සාධාරණයි. මේකෙන් සිනමාවේ හැම පාර්ශ්වයකටම ලොකු සහනයක් ලැබෙනවා. මම මේකට ආණ්ඩුවට හදවතින්ම ස්තූති කරනවා." ඔහු කීය.
ඒ සමගම පොත්පත් VAT එකෙන් නිදහස් කිරීම, පුවත්පත් කඩදාසි වලට තිබුණු PAL බදු අයින් කිරීම සහ සංචාරක සංවර්ධන බද්ද අයින් කිරීම ද සංස්කෘතික ක්ෂේත්රයටම ලැබුණු හොඳ පියවරයන් බව ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රාග්ධන වියදම බිලියන 2,000ක් - ඉතිහාසයේ වැඩිම මුදල
සංවර්ධනය සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීම ගැන අදහස් දක්වමින් ආචාර්ය ප්‍රනාන්දු කියා සිටියේ, මේක තමයි මේ අයවැයේ හොඳම කොටස බවයි.
"අපි කාලයක් තිස්සේ කෑවේ බීවේ විතරයි. සංවර්ධනයට සල්ලි තිබුණේ නැහැ. දැන් සංවර්ධනයට බිලියන 2,000ක් දෙනවා. ඒක ඉතිහාසයේ වැඩිම මුදල. මාර්ග, දුම්රිය, ජලය, නිවාස හැදෙනවා කියන්නේ, ඒකෙන් රැකියා හැදෙනවා, ව්‍යාපාර හැදෙනවා. සිනමාවටත් ඒකෙන් වාසියක් වෙනවා. රට හැදුණාම තමයි සිනමාව හැදෙන්නේ." ඔහු පැවසීය.
එසේම දිට්වා ව්‍යසනයෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීමට රුපියල් බිලියන 260ක් වෙන් කිරීම මානුෂීය සහ කාලෝචිත තීරණයක් බවද ඔහු සඳහන් කළේය.
වැඩිදියුණු කළ යුතු තැන් ඒත් විවේචනය නෙමෙයි, යෝජනාවක්
අයවැය හොඳයි කීවත්, තව වැඩිදියුණු කළ යුතු තැන් කිහිපයක් ගැන ද ආචාර්ය ප්‍රනාන්දු අදහස් දැක්වීය.
"මම මේක විවේචනය කරනවා නෙමෙයි. මම මේක වැඩිදියුණු කරන්න යෝජනා කරනවා. සිනමාවට චිත්‍රපට සංවර්ධන අරමුදලක්, තරුණ නිර්මාණකරුවන්ට අඩු පොලී ණය ක්‍රමයක්, ජාත්‍යන්තර වෙළඳපොළට යන්න දොරක් තිබුණා නම් මේ අයවැය තවත් සම්පූර්ණයි. ඒත් මේක හොඳ ආරම්භයක්. VAT එක හදපු එකෙන්ම පේනවා ආණ්ඩුව සිනමාව ගැන හිතනවා කියලා. ඉදිරි අයවැය වලින් ඒ ටිකත් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා." ඔහු කීය.
අවසානයේදී ඔහු පැවසුවේ, "රටක් හදන්න එක අයවැයකින් බැහැ. ඒත් හරි දිශාවට යන අයවැයක් තිබුණොත්, රට හැදෙනවා. 2027 අයවැය ඒ හරි දිශාවට යන අයවැයක්. ඒ නිසා මම මේ අයවැය සාදරයෙන් පිළිගන්නවා." යනුවෙනි.
-ජේ.මුණසිංහ-
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
