Image

ලොව පුරා ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවකට: GLEC එළිදකී

ලොව පුරා ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවකට: GLEC එළිදකී

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද (15) කොළඹදී සිදු කෙරිණි.

GLEC සංකල්පයේ නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙනි.

එහිදි අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසුවේ ජන මනස තුළට ව්‍යවසායකත්ව සංකල්ප ඇතුළත් කරමින් රටට ධනය නිර්මාණය කිරීම තම අරමුණ වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මෙසේ පැවසීය:

''ව්‍යවසායකත්වය කියන වචනය පවා අපට නුහුරු නුපුරුදු වචනයක්ව පැවති කාලයක, “අපේ අරමුණු සංවිධානය” පුරෝගාමීව කටයුතු කරමින්, මෙම සංකල්පය සමාජගත කිරීම සඳහා දශකයකට ආසන්න කාලයක් විවිධ ආකාරයෙන් උත්සාහ කළා. අද වන විට ව්‍යවසායකත්වය බොහෝ දෙනාගේ මුවඟ රැඳුණු ප්‍රධාන වචනයක් බවට පත්ව තිබෙනවා. අපේ විද්වතුන්, වෘත්තිකයන් මේ වචනය භාවිත කරනවා. දේශපාලනඥයන් මේ වචනය භාවිත කරනවා. රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා මේ වචනය භාවිත කරනවා. ඉතින් ඒක සතුටට කරුණක්. මේ සංවාදය ප්‍රායෝගික සංවාදයක්. මෙය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ හැකි දෙයක්.

මෙහිදී අපි උත්සාහ කරන්නේ මේ වේදිකාවට සම්බන්ධ වන සියලු දෙනාටම සමාන අවස්ථාවක් ලබා දෙන්නටයි. ගෝලීය ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම, අවකාශයන් සහ ඒ වටා පවතින සත්‍ය තොරතුරු බෙදාහදා ගන්නටයි. අද වන විට ලෝකයේ සිටින විශිෂ්ටතම සහ දීප්තිමත්ම ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් මේ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීමටත්, ඔවුන්ගේ ආශීර්වාදය ලබාගැනීමටත් අපට හැකි වී තිබෙනවා. ඉතින් අද මේ ඉදිරිපත් කරන GLEC වේදිකාවට එන්න. මොකද, අපි විශ්වාස කරන්නේ ව්‍යවසායකයෙකු, ව්‍යාපාරිකයෙකු වීමම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බවයි. අපට අවශ්‍ය වන්නේ ජන මනස තුළ ව්‍යවසායකත්ව සංකල්පය ඇති කරමින්, ව්‍යවසායකත්ව මනසකින් යුත් ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව තුළත්, ශ්‍රී ලංකාවෙන් පිටතත් බිහි කරමින්, ඒ හරහා අපේ මව්බිමට ධනය නිර්මාණය කර දීමයි.”

මෙම අවස්ථාව සඳහා ලාංකික ව්‍යවසායකයින් ඇතුළු වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න