Image

ආසියා ශාන්තිකර කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම චීනයේ අපේක්ෂාවයි - චීන ජනපති

ආසියා ශාන්තිකර කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම චීනයේ අපේක්ෂාවයි - චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් APEC (ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය අද (18) පෙරවරුවේ චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේ Qianhai ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

එහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං කියා සිටියේ, ආර්ථික ගෝලීයකරණ රැල්ලත් සමගම APEC සංවිධානය බිහි වූ බවත්, එය ආසියා-පැසිෆික් කලාපය වර්තමාන යුගයේ පෙරමුණටම ගෙන ඒමට දායක වූ බවයි.

විවිධ පාර්ශ්වයන් සමග එක්ව, ආසියා ශාන්තිකර කලාපයේ පැහැබර අනාගතයක් උදෙසා දැඩි ආත්ම විශ්වාසයකින් අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කරමින්, පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගා ආසියා-පැසිෆික් කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං සඳහන් කළේය.

ඒ වෙනුවෙන්, සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ තත්ත්වය සුරක්ෂිත කිරීමත්, විවෘත සහයෝගීතාව සඳහා පාලම් ගොඩනැගීමත්, එමෙන්ම නවෝත්පාදනය මූලික කරගත් වර්ධනය දිරිමත් කළ යුතු අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ප්‍රතිඵල කරා යන මාර්ග පුළුල් කිරීම කළ යුතු බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

ලෝකයේ විශාලතම මධ්‍යම ආදායම් ලබන ජන කොටසක් සිටින චීනය තුළ ආයෝජන සහ පරිභෝජන අංශයන්හි දැවැන්ත විභවයක් පවතින බව පැවසූ ෂී ජින්පිං, ඒ හරහා ගෝලීය කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රයට අතිවිශාල පරිමාණයේ විවෘත වෙළඳපොළ අවකාශයක් සැපයෙනු ඇති බව අවධාරණය කළේය.

තවද, නවීකරණ කර්මාන්ත පද්ධතියක් ගොඩනැඟීම කඩිනම් කරමින්, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනය සහ කර්මාන්ත නවෝත්පාදනය පුළුල් ලෙස ඒකාබද්ධ කිරීමට චීනය කටයුතු කරමින් සිටින බවත්, එමඟින් ගෝලීය සමාගම්වල තාක්ෂණික දියුණුව වෙනුවෙන් බලවත් ගාමක බලවේගයක් නිර්මාණය වනු ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

dinushi

 

 

 

දිනුෂි ධීරසිංහ - චීන පුවත් ‌සේවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න