Image

PSTA පනත සම්මත කරගන්න ආණ්ඩුවට මෙච්චර තදියමක් අවේ ඇයි? දුමින්ද නාගමුවගෙන් පැහැදිලි කිරීමක්

PSTA පනත සම්මත කරගන්න ආණ්ඩුවට මෙච්චර තදියමක් අවේ ඇයි? දුමින්ද නාගමුවගෙන් පැහැදිලි කිරීමක්

ඉදිරියේදී මතුවිය හැකි මහජන අරගල කලින්ම මර්දනය කිරීමේ අරමුණින් ආණ්ඩුව PSTA -OCA වැනි බරපතළ මර්දන පනත් සම්මත කිරීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ "රාජ්‍ය ත්‍රස්තවාදී PSTA - PTA පනත් ඉරා දමනු !" යන තේමාව යටතේ කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (19) පස්වරු 3.00ට ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මෙසේ පැවසීය:

"ඔබ අහලා ඇති කතාවක් ඇස් බැන්දුම් තේරුම් ගන්න නම් ඉස්සරහින් බලන්නැතුව පිටිපස්සෙන් බලන්න කියලා. අන්න ඒ වගේ මේ එන මර්දන පනත්වල අරමුණ දැනගන්න නම් මේවගේ පිටුපස හැංගිලා තියෙන සිදුවීම් අපි වටහා ගන්න ඕන. ඇයි නීතිපති දෙපාර්තුමේන්තුව මේ PSTA - POCA වගේ ඉතාම බරපතළ මර්දන පනත් දෙකක් සකස් කළේ ? අපි දන්නවා 2022 මේ රටේ දැවැන්ත ජනතා නැගිටීමක් ආවා. මේ ජනතා නැගිටීම ආව දූෂණයට වංචාවට එරෙහිව විතරක් නෙමෙයි. දැවැන්ත ආර්ථික පීඩාවක් රටේ ජනතාවට තිබුණා. ප්‍රජාතන්ත්‍රවිරෝධීව ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය යන ආකාරය ඇස් පනාපිටම අපි දැක්කා. මෙන්න මේවට විරුද්ධව තමයි ජනතාව පාරට බැස්සේ"

2022 වසරේ ඇතිවූ ජනතා නැගිටීම හා සමාන අරගලයක් ඉදිරියේදී යළි මතුවිය හැකි බවට රාජ්‍යය තුළ අදහසක් පවතින බවත්, එම අවදානම කලින් හඳුනාගෙන අරගල මර්දනය කිරීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

"දැන් මේ රාජ්‍යට අදහසක් තියනවා නැවත මේ වගේ මහජන අරගලයක් ඉදිරියේදි එයි කියලා. අන්න  එවැනි අරගලයක් මතු වීමේ අවදානම කලින් දැනගෙන ඒ අරගලය මර්දනය කරන්න අවශ්‍ය නීති ටික තමයි මේ ආණ්ඩුව මේ සම්මත කරගන්න සූදානම් වෙන්නේ. මොකද මේ ආණ්ඩුවට තියන ජනතා මතය අහිමිවෙන්න කලින් ඔවුන්ට ඕන මේ මර්දන පනත් සම්මත කරගන්න. ඒ නිසා තමයි මෙච්චර ආණ්ඩුවට තදියමක් ආවේ PSTA පනත පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න"

එල්ල වූ මහජන විරෝධය හමුවේ මෙය පසුපසට ගැනීමට ආණ්ඩුවට සිදුව ඇති බවත්, මෙම මර්දන පනත් සම්පූර්ණයෙන්ම හකුලා ගන්නා තුරු මෙම සටන අත්නොහරින් බවත් ඔහු අවධාරණය කළේය.

"හැබැයි ජනතාවගේ මතයත් එක්ක දැන් ආණ්ඩුවට අඩියක් පස්සට ගන්න වෙලා තියනවා. හැබැයි අඩියක් පස්සට ගත්තට මේක මෙතනින් නවතින්නේ නැහැ. ඒ නිසා PTA සහ PSTA මර්දන පනත් මුලුමනින්ම හකුළා ගන්න තුරු අපි සටන් කරනවා කියන පණිවිඩය මේ වෙලාවේ ආණ්ඩුවට දෙනවා"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න