මියන්මාරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ විදුලි සංදේශ සහ අන්තර්ජාල මූල්‍ය වංචා මෙහෙයවූ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලියක සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
මොවුන් මියන්මාරයේ උතුරු ප්‍රදේශයේ මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය ප්‍රබල "මින්ග්" (Ming) පවුලේ සාමාජිකයින් සහ ඔවුන් ගේ සමීපතමයින් ය. මෙම පවුල මියන්මාරයේ දේශපාලන සහ යුදමය බලය පවා භාවිතා කරමින් වසර ගණනාවක් තිස්සේ මෙම ජාවාරම් මෙහෙයවා ඇත.
චෝදනා ගණනාවක්
වංචා මධ්‍යස්ථානවලින් පලා යෑමට උත්සාහ කළ හෝ ඔවුන්ට අවනත නොවූ පුද්ගලයින් 14 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් පිරිසකට තුවාල සිදු කිරීම, මූල්‍ය වංචා, නීතිවිරෝධී ලෙස පුද්ගලයින් රඳවා තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම, සූදු මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සහ ගණිකා වෘත්තිය මෙහෙයවීම යනාදි චෝදනා එල්ල වූ අතර චීනයේ වෙන්සෝ (Wenzhou) අධිකරණය විසින් 2025 සැප්තැම්බර් මාසයේ දී මොවුන්ට මරණ දඬුවම නියම කරන ලදී.
අභියාචනය ප්‍රතික්ෂේප වෙයි
පසුව මොවුන් කළ අභියාචනා ප්‍රතික්ෂේප වූ අතර, 2026 ජනවාරි 29 වන දින (අද) මෙම 11 දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව චීන රාජ්‍ය මාධ්‍ය තහවුරු කළේ ය.
මෙම පවුලේ ප්‍රධානියා වූ මින්ග් සුවේචැං (Ming Xuechang) 2023 වසරේ දී අත්අඩංගුවට පත්වීමට පෙර සියදිවි නසා ගත්තේ ය. ඉතිරි සාමාජිකයින් මියන්මාර බලධාරීන් විසින් අල්ලා චීනයට භාර දෙන ලදී.
මෙම පියවර මගින් චීනය තම රටේ වැසියන් ඉලක්ක කරගනිමින් සිදුකරන අන්තර්ජාල වංචාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ලෝකයට පණිවිඩයක් ලබා දී ඇත.

