Image

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද සිට

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද සිට

ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සනිටුහන් කරමින්, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන “කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (01) ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඒ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අයගේ ප්‍රධානත්වයෙනි.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මෙය ආරම්භ කෙරේ. මෙම කඩදාසි රහිත ක්‍රමවේදය හරහා රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව, වේගවත්ව මෙන්ම විනිවිදභාවයෙන් යුතුව ඉටු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ඒ අනුව, අද (01) සිට සියලුම ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් විසින් සිය රේගු ප්‍රකාශන සහ අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම පැරණි ක්‍රමවේදයට අනුව යොමු කරනු ලබන රේගු ප්‍රකාශන භාර ගැනීම අද සිට තවදුරටත් සිදු නොකෙරේ.

ඩිජිටල් අත්සන තැබීමෙන් පසුව සිදු කරනු ලබන යම් වෙනස්කම් ඇත්නම් ඒවා මෙම පද්ධතිය මගින් පහසුවෙන් හඳුනා ගනු ලබන බැවින්, වංචා සහ දූෂණ සඳහා ඇති ඉඩකඩ අවම වීම මෙම නව ක්‍රමවේදයේ විශේෂත්වයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න