Image

"දේශපාලන පක්ෂ නායකයින් මත නොව ආයතන මත යැපිය යුතුයි" - වෛද්‍ය කවින්ද ජයවර්ධන බ්‍රසල්ස් වටමේස සාකච්ඡාවේදී කියයි

"දේශපාලන පක්ෂ නායකයින් මත නොව ආයතන මත යැපිය යුතුයි" - වෛද්‍ය කවින්ද ජයවර්ධන බ්‍රසල්ස් වටමේස සාකච්ඡාවේදී කියයි

දේශපාලන පක්ෂ තනි පුද්ගලයන් හෝ තනි නායකයින් මත යැපීම වෙනුවට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයෙන් යුතු ශක්තිමත් පක්ෂ ආයතන ලෙස ගොඩනැගිය යුතු බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැති "Political Parties Under Pressure" තේමාව යටතේ පැවැති ජාත්‍යන්තර වට මේස සාකච්ඡාව අමතමිනි. කොන්රාඩ් ඇඩනවර් පදනම (KAS) සහ යුරෝපීය දේශපාලන පදනම් ජාලය (ENoP) එක්ව සංවිධානය කළ මෙම හමුව සඳහා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානවල නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

ආරම්භක සැසියේදී අදහස් දැක්වූ වෛද්‍ය ජයවර්ධන, කුඩා ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලන පක්ෂ මුහුණ දෙන අභියෝග පිළිබඳ ශ්‍රී ලාංකේය දෘෂ්ටිකෝණය ඉදිරිපත් කළේය. ඉන්දියන් සාගරයේ හදවතෙහි පිහිටීම ශ්‍රී ලංකාවට විශාල උපායමාර්ගික වැදගත්කමක් ලබා දෙන බවත්, රටේ පොහොසත් ජනවාර්ගික හා ආගමික විවිධත්වය එහි ප්‍රබලතම ශක්තියක් වන බවත් ඔහු පෙන්වා දුන්නේය. ප්‍රජාවන් අතර භේද ඇති කිරීමට උත්සාහ කරන්නන්ගෙන් එම විවිධත්වය ආරක්ෂා කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කුඩා ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලන පක්ෂවල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි:

ශක්තිමත් පක්ෂ ආයතන: තනි නායකයන්ගේ මතය මත පමණක් ක්‍රියාත්මක වීම වෙනුවට තරුණ නායකත්වයට ඉඩ සලසන, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සුරකින පක්ෂ ආයතන ගොඩනැගීම.

මූල්‍ය විනිවිදභාවය: මැතිවරණ කාල සීමාවලදී මෙන්ම සාමාන්‍ය කාල සීමාවන්හිදී ද පක්ෂවල අරමුදල් සහ මූල්‍ය පරිපාලනය විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම.

ඩිජිටල් හා AI අභියෝගවලට මුහුණ දීම: සමාජ මාධ්‍ය සහ කෘත්‍රිම බුද්ධිය (AI) හරහා සිංහල හා දෙමළ භාෂාවලින් පැතිරෙන නොමඟ යවන අන්තර්ගතයන් හඳුනා ගැනීමට කරුණු තහවුරු කිරීමේ (Fact-checking) හැකියාවන් දියුණු කිරීම.

    මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වැනි රටවල දේශපාලන පක්ෂ ශක්තිමත් කිරීමට යුරෝපීය හවුල්කරුවන්ගේ සහාය අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Related Articles

    newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
    ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

    logo newstube 2025

    අප ගැන | අමතන්න