දකුණු චීනය සිසාරා අඩු උෂ්ණත්ව ධාරාවක් හමා යමින් පවතී. අද (20) ෂැංහයි නගරය කලාතුරකින් උදාවන හිම පතනයකට මුහුණ දුන්නේය. එම තත්ත්වය අවම වශයෙන් තවත් තෙදිනක් වත් පවතිනු ඇතැයි කාලගුණ බලධාරීහු පැවසූහ.
ෂැංහයි නගරය මීට ප්‍රථම අධික හිම පතනයකට ලක් වූයේ 2018 වසරේ දීය. පසු ගිය සතියේ එහි උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස සෙල්සියස් අංශක 20ක් තෙක් ඉහළ ගියේය.
චීනයේ තවත් ප්‍රදේශ රැසක ද උෂ්ණත්වය තීව්‍ර ලෙස පහළ ගොස්ය. දකුණු චීනයේ යැංසි සහ හුවෙයි ගංගා ආසන්නයේ පිහිටි ජියැන්සි සහ ගුයිෂු පළාත් ඒ අතර ප්‍රධාන වේ. ගුයිෂු හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ත් 14ත් අතර ප්‍රමාණයකින් තවදුරටත් පහළ යනු ඇතැයි එරට මාධ්‍ය වා ර් තා කළේය.
චීනයට අයත් පළාත් සහ කලාප 12ක ප්‍රධාන මාර්ග කොටස් 241ක් අධික හිම පතනය හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට ද බලධාරීහු පියවර ගත්හ. සැන්ෂි, ඇතුළු මොන්ගෝලියාව සහ හෙලොඞ්ජියැන් පෙදෙස් ද ඒ අතර වේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/20/2026
(
මුලාශ්‍රය :
Wave of low temperature brings rare snowfall to Shanghai

