අධික වර්ෂාපතනයත් සමඟ ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රාන්තයේ ප්‍රදේශයක නාය යාමකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 82 දෙනෙකු අතුරුදහන් වී ඇත.
නිවාස පෙළක් මතට පස් කඳු කඩා වැටී ඇති අතර නිවාස 30ක් පමණ නාය යෑමට හසුව ඇති බව සඳහන් වේ.
ඉන්දුනීසියාවේ ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියේ ප්‍රකාශකයෙකු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බටහිර බැන්ඩුන්ග් ප්‍රදේශයේ ගම්මානයකට නාය ගොස් ඇති අතර අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් සටහන් කර ඇති බවයි. දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා කණ්ඩායම් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ උත්සාහයන් තීව්‍ර කරමින් සිටින බව ඔහු පැවසීය.
මූලාශ්‍ර
7 killed, 83 missing in Indonesian landslide in West Bandung, Java

