චිලී ලැව් ගිනි : පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

චිලී ලැව් ගිනි : පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

චිලී දේශයේ හටගත් ලැව් ගිනි හේතුවෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

රජය විසින් ගිනි ප්‍රදේශ වෙතින් ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම් දියත් කර තිබේ. ගිනි නිවීම් සහ ආපදා සේවා අවම වශයෙන්  මහා පරිමාණ ලැව් ගිනි තත්ත්ව 30ක් පාලනයට ඉමහත් පරිශ්‍රමයක් දරමින් සිටිති. අධික උෂ්ණත්වය සහ සුළං ප්‍රවාහ හේතුවෙන්, එම මෙහෙයුම් ද ඉතා අසීරුව පවතී.  

ඊයේ රාත්‍රිය පුරා පැවති  සුළං තත්ත්වයේ අඩුවීම මත ඇතැම් කලාපයන්හි ගිනි මර්ධන ක්‍රියාන්විත තරමක් සාර්ථක විය.

කෙසේ වෙතත්, ප්‍රදේශ රැසක තවමත් විශාල ප්‍රමාණයේ ලැව් ගිනි තත්ත්ව දරුණු අතට හැරෙමින් පවතී. අද දිනය තුළ එම  තත්ත්වයත් තව දුරටත් විනාශකාරී ස්වරූපයක් ගනු ඇතැයි විශ්වාස කෙරේ. උෂ්ණත්වය ඉතා ඉහළ අගයක පවතී. ලැව් ගිනි කලාපය තුළ නව ගිනි තත්ත්වයන් හටගැනීමේ අවදාමක් ද මතුව ඇත.

මධ්‍යම චිලී සහ එරට දකුණු කලාප වෙත අධික උෂ්ණත්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම කලාපයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 තෙක් වර්ධනය වනු ඇතැයි කාලගුණ බලධාරීහු පවසති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/20/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Chile wildfires kill 19 amid extreme heat; scores evacuated


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න