ඊශ්‍රායල හමුදාව අද (28) ගාසා තීරයේ බටහිර ඉවුරේදී පලස්තීන සන්නද්ධ සාමාජිකයින් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කළහ.
එහි, ජෙනින් (Jenin) අවතැන් කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට සැරසෙමින් සිටි එම සන්නද්ධ සාමාජිකයින් ඉලක්ක කර, ඊශ්‍රායල හමුදා විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. ඔවුන් වෙත ගුවන් ප්‍රහාරයක් ද එල්ල කළ බව, ඊශ්‍රායල හමුදාව කියයි.
ඉකුත් ජනවාරි මස ජෙනින් කඳවුර පුළුල් ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විතවලට ලක් විය. දීර්ඝ කාලීනව ඒ තුළ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ ත්‍රස්තවාදීන් ලැගුම් ගෙන සිටින බවට ලද තොරතුරු මත, එම ප්‍රහාරාත්මක මෙහෙයුම් සිදු කෙරිණි.
ඊශ්‍රායල ප්‍රහාරයන්ට ලක්ව සුණු විසුණු වීමෙන් අනතුරුව, එහි බහුතර ප්‍රදේශයක් අත්හැර දැමීමට කඳවුරුවාසීන්ට සිදු විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/28/2025
Israeli forces kill three Palestinian militants in the West Bank, police say

