බ්‍රික්ස් (BRICS) රටවල නායකයින්ගේ ඒකමතික එකඟතාවයෙන් ‘නව දිල්ලි ප්‍රකාශනය’ නිකුත් කර තිබෙනවා.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවේදීයි මෙය සිදු කෙරුණේ.
ඒ අනුව, පසුගිය දශක දෙකක කාලය තුළ පැවති සහයෝගිතාවයේ පදනම මත සහ කණ්ඩායම පුළුල් වීමෙන් අනතුරුව, ‘බ්‍රික්ස් හි දේශපාලන ආරක්ෂාව’, ආර්ථික හා මූල්‍ය, මෙන්ම ජනතාව අතර හුවමාරු යන ප්‍රධාන අංශ තුන ඔස්සේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බ්‍රික්ස් නායකයෝ එකඟ වූණා.
වඩාත් නියෝජිත සහ සාධාරණ ජාත්‍යන්තර පටිපාටියක් ගොඩනගමින්, බහුපාර්ශ්වික ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කරමින් තිරසර සංවර්ධනය හා අන්තර්කරණ ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතු බවයි ප්‍රකාශ වුණේ. මේ තුළින් බ්‍රික්ස් උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන අතර, විවිධ රටවල ජනතාවට සුබසෙත නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ද එහි සඳහන් වනවා.
බහුපාර්ශ්විකත්වය සහ බහු-ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීම මෙන්ම, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර පද්ධතිය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු කේන්ද්‍රීය කාර්යභාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාව බ්‍රික්ස් නායකයෝ යළි අවධාරණය කළා.
බහු-ධ්‍රැවීය ලෝකයක් තුළ, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සංවාදය සහ අදහස් හුවමාරුව ශක්තිමත් කර ගැනීම අතිශය වැදගත් බවට ද එකඟතාව පළ වී තිබෙනවා.
එහිදී මැද පෙරදිග සහ බටහිර ආසියාව තුළ උත්සන්න වෙමින් පවතින ආතතිය පිළිබඳව දැඩි කනස්සල්ල හා අවධානය යොමු වුණා. උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත් තත්ත්වය තවදුරටත් උග්‍ර කළ හැකි ක්‍රියාමාර්ගවලින් වැළකී සිටින ලෙසත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
