Image

චීන - ඇමරිකා ජනපතිවරුන් අතර පැවති ඓතිහාසික සාකච්ඡාව

චීන - ඇමරිකා ජනපතිවරුන් අතර පැවති ඓතිහාසික සාකච්ඡාව

චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ඇමරිකාවේ වේලාවෙන් ඊයේ (24) පෙරවරුවේ ධවල මන්දිරයේ දී.

WhatsApp Image 2026 09 25 at 4.43.37 AM

‘චීන-ඇමරිකා සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය’ යන නව අර්ථ දැක්වීම, දෙරට සම්බන්ධතාවයේ සැබෑ තත්ත්වයට මෙන් ම අනාගතය කෙරෙහි වැදගත් වන බව එහි දී චීන ජනාධිපතිවරයා පැවසුවා. එය දෙරට අන්‍යෝන්‍ය වශයෙන් විධිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීමේ මාර්ගය වෙත ගමන් කිරීමේ වැදගත් පියවරක් බව ද ෂී ජින්පිං එහි දී පෙන්වා දී තිබෙනවා. දෙපාර්ශ්වය එම අපේක්ෂාව ක්‍රියාවට නංවමින් චීනය සහ ඇමරිකාව අතර වඩාත් ස්ථාවර, විධිමත්, තිරසර අනාතයක් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතු යැයි ද ඔහු ප්‍රකාශ කළා.

WhatsApp Image 2026 09 25 at 4.43.38 AM

ඇමරිකාව ‘තායිවාන බෙදුම්වාදීන්ට’ විරුද්ධ වීමේ සිය නිවැරදි ක්‍රියාකලාපයේ එල්බ සිටිමින් තායිවාන ප්‍රදේශයට අදාළ ගැටලු සුපරීක්ෂාකාරීව පාලනය කරනු ඇතැයි චීනයේ බලාපොරොත්තුවයි. එසේම චීන-ඇමරිකා උපායමාර්ගික සහයෝගීතා සහ දෙරට සම්බන්ධතාව වෙනුවෙන් ස්ථිර පදනමක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

WhatsApp Image 2026 09 25 at 4.43.35 AM

මේ අතර ජනපති ට්‍රම්ප් පැවසුවේ 2016 දී ජනාධිපති ධුරයට තේරී  පත් වූ පළමු සමයේ සිට, ජනාධිපති ෂී ජින්පිං සමග ශක්තිමත් මිත්‍රත්වයක්  පවත්වා ගෙන ඇති බවයි. චීන ජනාධිපතිවරයා සහ ආර්‍යාව ගේ පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව නැවත ප්‍රකාශ කළ ට්‍රම්ප්, චීනය සහ ඇමරිකාව යන දෙරටට ම වඩාත් හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපති ෂී සමග අත්වැල් බැඳගෙ කටයුතු කිරීමට සූදානම් බව ද පැවසී ය.

 

dinushi

 

 

 

 දිනූෂි ධීරසිංහ - චීන පුවත් සේවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න