මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාලව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් දෙදෙනා ලබන 19 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (9) නියෝග කළේය.
සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව එලෙස නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනා බන්ධනාගාරය විසින් අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබු අතර, ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ NDB බැංකුවේ සහ රක්ෂණ සමාගමට අනියුක්තව සේවයේ නියුතු කුෂාන් පුෂ්ප කුමාර දේවදාස සහ DFCC බැංකුවේ සේවයේ නියුතු රගුනාදන් ප්‍රදීපන් යන අයවේ.ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් දෙදෙනකු මෙම සිද්ධියට අදාලව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් බවට මීට පෙර ද බැංකු හතරක ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
