Image

එයාර්බස් අල්ලස් සිද්ධිය: නාමල් ඇතුළු 4 දෙනාට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්!

එයාර්බස් අල්ලස් සිද්ධිය: නාමල් ඇතුළු 4 දෙනාට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්!

එයාර්බස් ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කෙරෙන නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අගවිනිසුරුවරයා අනුමැතිය ලබා දී තිබේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර අද (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින් මේ බව දැනුම් දුන්නේය.

ඒ අනුව, අදාළ සැකකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇති බවත්, එම නිසා මෙම නඩුව මෙම අධිකරණය හමුවේ කැඳවන අවසන් දිනය අද වනු ඇතැයි අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම අධිචෝදනා පත්‍රය චෝදනා 24 කින් සහ සාක්ෂිකරුවන් 59 දෙනෙකුගෙන් යුත් බවද සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.

සිද්ධියට අදාළ නඩුව අද (27) දිනයේදී නැවත කැඳවීමට නියමිතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න