හිටපු රාජ්ය ඇමැතිනි ඩයනා ගමගේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඉකුත් 22 දා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ නියෝග කළාය.
විත්තිකාර ඩයනා ගමගේ, නීතිඥ මොහාන් සෙනෙවිරත්න මඟින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
ප්රමාද වීමට හේතුව
එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ විත්තිකාරියට අත්යවශ්ය ගමනක් යෙදීම හේතුවෙන් අධිකරණයට පැමිණීමට ප්රමාද වූ බවයි. එකී හදිසි කරුණ නිසා අධිකරණයේ නියමිත වේලාවට පෙනී සිටීමට නොහැකි වූ බවද නීතිඥවරයා සඳහන් කළේය.
තරාතිරම කුමක් වුවත් නීතිය සියලු දෙනාට එක හා සමානයි
එහිදී විනිසුරුවරිය සඳහන් කර සිටියේ විත්ති කූඩුවට නැඟි පසු තරාතිරම කුමක් වුවත් සියලු දෙනා එක හා සමානව සලකන බවත් නීතියද සියලු දෙනාට එක හා සමාන වන බවත්ය. එමෙන්ම නඩු ගොනුව පරීක්ෂා කිරීමේදී විත්තිකාරිය මින් පෙරද අවස්ථා කිහිපයකදී මෙලෙස අධිකරණයට ප්රමාද වී පැමිණ ඇති බව පෙනී යන බව සඳහන් කළ විනිසුරුවරිය, මින් ඉදිරියට නිසි වේලාවට අධිකරණයේ පෙනී සිටින ලෙසට විත්තිකාරියට තරයේ අවවාද කළාය.
නඩුව හෙට නැවත කැඳවයි
ඉන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, නඩුව හෙට (28) පස්වරු 1.30ට යළි කැඳවන ලෙසද නියෝග කළාය.
පසුගිය 22 වැනි දින ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අවස්ථාවේදී ඇයගේ ඇපකරුවන්ටද නොතිසි නිකුත් කරනු ලැබීය. එහිදී ඇය වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස පෙනී සිටින චමින්ද ජයලත් නැමැත්තාද නීතිඥ අසිත විපුලනායක මඟින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ව්යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබා ගැනීමේ චෝදනාවට විත්තිකාරියට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි හිටපු රාජ්ය ඇමැතිවරියට එලෙස වරෙන්තු නියම කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
