Image

නීතිපති මතය විමසන්නේ නැතිවම කතානායක විශ්වාසභංගය විසිකළා - අජිත් පී. පෙරේරා

නීතිපති මතය විමසන්නේ නැතිවම කතානායක විශ්වාසභංගය විසිකළා - අජිත් පී. පෙරේරා

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව සජබ ප්‍රමුඛ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව, නීතිපති මතය නොවිමසා කථානායකවරයා විසින්ම නිෂ්ප්‍රභ කළ බවට සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා චෝදනා කරයි.

මන්ත්‍රීවරයා පැවසුවේ, ඔක්තෝබර් 16 වන දින පාර්ලිමේන්තු කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය පැවසුවේ විශ්වාසභංග යෝජනාවේ පවතින නඩු සම්බන්ධ කාරණා කිහිපයක් තිබෙන බැවින් එම යෝජනාවේ අදාළ චෝදනා පනහ පිළිබඳව නීතිපති මතය විමසිය යුතු බව දැනුම් දුන් බවයි.

කෙසේවෙතත්, ආණ්ඩු පක්ෂය එසේ කියා තිබියදී මෙරටින් පිටව ගොස් සිටි කථානායකවරයා ලංකාවට පැමිණි විගස ඔහු විසින්ම නීතිපති මතයක නොවිමසා එම යෝජනාව නිෂ්ප්‍රභ කළ බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මීට පෙර පාර්ලිමේන්තුවේදී මෙවැනි දෙයක් සිදු නොවූ බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ, විශ්වාසභංග යෝජනාවට අදාළ චෝදනා පනහෙන් එකක් හෝ ඉල්ලා අස්කර නොගන්නා බවත් ඊට කිසිදු සංශෝධනයක් ඉදිරිපත් නොකරන බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න