ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි දිවයින පුරා ශාඛා සමිති සියයට හැටක් සාදා අවසන් බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ඩී.වී. චානක පැවසුවේය.
එමෙන්ම, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධාන ද සියයට පනහක් පිහිටුවා අවසන් බව ඩී.වී. චානක මෙහිදී පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානවල ප්රගති සමාලෝචන රැස්වීමකදීය.
ලබන වසර ආරම්භ වන විට ඉතිරි ශාඛා සමිති සියයට හතළිහද පිහිටුවා අවසන් කරන බවද, ඊළඟ වර්ෂයේ මැද වන විට කොට්ඨාස රැස්වීම් 4000ක්ද පවත්වා අවසන් කරන බවද ඩී.වී. චානක වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
