Image

වනතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුව: නවුෆර් මවුලවී ඇතුළු දෙදෙනෙකුට බරපතල වැඩසහිත සිරදඬුවම්!

වනතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුව: නවුෆර් මවුලවී ඇතුළු දෙදෙනෙකුට බරපතල වැඩසහිත සිරදඬුවම්!

පුත්තලම වනාතවිල්ලූව ලැක්ටොස් වත්තේදී 2018 වසරේදී නීති විරෝධී අන්දමින් ගිනි අවියක්, ජීව උන්ඩ, පුපුරන ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය රැස්කිරීමේ චෝදනා හතරකට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වසර දොළහක් බැගින් බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කළේය.

වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර් සහ මොහොමදු නවුෆර් මවුලවී යන විත්තිකරුවන් දෙදෙනාටයි.

මෙම නඩුවේ තුන්වෙනි විත්තිකරු ද වරද පිළිගැනීමට සූදානම් බව අද ප්‍රකාශ කළ අතර හෙට දිනයේ දී ඔහුට දඬුවම් නියම කරන බව විනිසුරු මඬල්ල සඳහන් කළේය.

අද මෙම නඩුව විශේෂි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් වන ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි, නයෝමි වික්‍රමසේකර යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න