Image

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දැනටමත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ඉදිරියේදී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මෙම පද්ධතිය අද (26) දිනයේදී තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති අතර, හෙට වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශයේදී එය ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ කාලගුණයට එල්ල වන බලපෑම

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට එල්ල නොවුණද, ඊට ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා ගමන් කිරීම හේතුවෙන් පවතින වැසි සහිත කාලගුණයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී නිරිතදිග ප්‍රදේශයෙන් අපේක්ෂා කෙරේ.

ඒ අනුව උතුර, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්‍යම සහ උතුරුමැද යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ, මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. පැයට කි.මී. 40 - 50 දක්වා වූ තද සුළං පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබේ.

    Related Articles

    newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
    ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

    logo newstube 2025

    අප ගැන | අමතන්න