හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (27) සවස විවෘත හදවත් සැත්කමකට යොමු කිරීමට නියමිතව ඇති බව ජනාධිපති නීතිඥ අලි සබ්රි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද දැනුම් දුන්නේය.
ක්රිෂ් සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් මෝෂන් පත්රයක් මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා මේ බව පැවසීය.
ශිරන්ති රාජපක්ෂ මේ වන විට හෘද ස්පන්දන යන්ත්රයක ආධාරයෙන් පසුවන බව ද මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙය සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා බලා, එම පවුලේ වැඩිමහල් පුත්රයා වන මෙම සැකකාර නාමල් රාජපක්ෂ හට ක්රිෂ් නඩුවට අදාළව ඇප ලබා දෙන දෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් සලකා බැලීම සදහා යළිත් මෙම නඩුව හෙට (28) කැඳවීමටයි අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
