කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, වැලිකඩ සහ මැගසීන් බන්ධනාගාර තුළ රැඳවියන් අතර බෝවන රෝගයක් වන ‘සරම්ප’ රෝගී තත්ත්වයක් පැතිර යාම හේතුවෙන් අද (8) දින කිසිදු රැඳවියෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සහ මහාධිකරණයට ගෙනඒමට නොහැකිවු බව බන්ධනාගාර පාලන මණ්ඩල ලිපියක් මගින් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, අද දින කිසිදු බන්ධනාගාර රැඳවියෙකු අධිකරණයට ඉදිරිපත් නොකළ අතර බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ බව කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සහ මහාධිකරණයට දන්වා තිබුණා.
මේ හේතුවෙන් අද දින අධිකරණයේ බන්ධනාගාර සිර මැදිරිය හිස්ව තිබෙන අයුරු ද දක්නට ලැබුණි.
අධිකරණයේ සිටි බන්ධනාගාර නිලධාරියකු පවසා සිටියේ, එම රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව අද දින රැදවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවට එලෙස ලිපියක් මගින් අධිකරණයට යොමු කර ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
