(නාමල්ගේ දේශපාලන කරළිය : දේශපාලන කොලම)
පසුගිය සිකුරාදා නාමල්ගේ ක්‍රිෂ් නඩුවට පෙනී සිටියේ ජනාධිපති නීතීඥ අලි සබ්රිය.
මෙහිදී අලි සබ්රි නාමල්ට ඇප ලබාගැනීමට විනිසුරුතුමාට සුවිශේෂී කරුණු ඉදිරිපත් කළේය
නමුත් එදින ඇප හිමි නොවූ අතර සදුදා දක්වා ඇප නියෝගය ලබාදීම කල් තැබීය.
සඳුදා නාමල් බැලීමට ඩී.වී චානක,ජොන්ස්ටන් ප්‍රනාන්දු,ඉන්දික අනුරුද්ධ,ජානක වක්කුඹුර,යූ.කේ සුමිත්,චානක මාදුගොඩ,සංජීව එදිරිමාන්න,සාගර කාරියවසම් ඇතුළු පිරිසක් අධිකරණයට පැමිණ සිටියහ.
"අලි සබ්රි හොඳට කතා කලා මේ පාර නම් ඇප හම්බවෙයි" සාගර පැවසීය.
"ඇත්තනෙ කුමාර ජයකොඩි හිටපු ඇමතිව අල්ලස් එකෙන් මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනාවෙත් නෑ අත්අඩංගුවට ගත්තෙත් නෑ" ජොනී පැවසීය.
"ඔව්, මිනිහ එක එක විවෘත කිරීම් වලට ගිහින් පීත්ත පටිත් කපනවා" යූ.කේ සුමිත් පැවසීය.
"අනික අනුර කුමාර දිසානායක තැන තැන ස්ටේජ්වල රතිඤ්ඤා දාන්න දින කියනවා අහවල් අය අත්අඩංගුවට ගන්නවා කියනවා. කොහොමද එහෙම කියන්නෙ" සංජීව එදිරිමාන්න පැවසීය.
"අලි සබ්රි සුවිශේෂී කාරණා ලෙස ඉදිරිපත් කළේ, මේ වෙලාවෙ නාමල් ශිරන්ති සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක ඉන්න ඕනෙ කියලා" ජොනී පැවසීය. මොකද ඔවුන් දෙදෙනාම ඉතාම දැඩි රෝගීන් වෙලා.
"ඔව්, නීතීඥතුමා අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කලා දින පනහකට වඩා තියාගෙන හිටපු එකම සැකකරුවා නාමල්ද කියලා" ඩී.වී චානක පැවසීය.
එදින උදෑසනම නඩුව කැදවුවත් ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීම පස්වරු දෙක දක්වා කල් තැබීය.
එදින විශාල පිරිසක් නාමල්ගේ නඩුවට පැමිණ සිටියහ.
පස්වරු දෙක වනතුරු පැමිණි සියල්ලෝම බලාගෙන සිටියේ ඇප නියෝගය ලැබෙන තුරුය.
අවසානයේ සියළුදෙනා බලාපොරොත්තුවු පරිදි නාමල්ට ක්‍රිෂ් නඩුවට ඇප ලැබිණි. නමුත් එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව තවත් නඩුවකට ඇප ලැබී නොමැති බැවින් නාමල්ට යළිත් බන්ධනාගාරයට යෑමට සිදුවිය.
"එදා ත්‍රිපුද්ගල මහාධිකරණයටත් අල්ලස් එකෙන් ඇවිත් හිටියෙ නෑ ඒ නිසා ඇප ගන්නත් බැරි උනා" ජොනී අල්ලස් දෙපාර්තමේන්තුවට දෝස්මුරයක්ද එල්ල කළේය.
පාර්ලිමේන්තුවට ආපු නාමල්
නාමල් අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණි අතර මෙහිදී නාමල්ට කතාවක් කිරීමටද තිබිණි.
පාර්ලිමේන්තුවේ ඇති පක්ෂ කාර්යාලයට පැමිණි නාමල් බැලීමට ඩී.වී චානක,චානක මාදුගොඩ හා අමුත්තෙක් ලෙස ජොනීද පැමිණ සිටියේය.
"උද්ධමනය සියයට අට දක්වා වැඩිවෙලා තියෙනවා හැබැයි කයියෙ නම් අඩුවක් නෑ" නාමල් පැවසීය.
"නැවෙන් බාන ගාණට තෙල් දෙනවා කිවුවෙ තවත් වැඩියෙනුත් දැන් බදු ගහලා" ඩී.වී චානක පැවසීය.
"මම කීප සැරයක් අනුර කුමාරට මතක් කලා සෞඛ්‍යය,පාසැල් උපකරණ හා අත්‍යවශ්‍ය භාණ්ඩවල වැට් අයින් කරන්න කියලා මේක බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනෙ ඡන්දෙ කාලෙ දීපු පොරොන්දු මතක නෑ.." නාමල් පැවසීය.
"ඔව් පච කිය කිය හැම තැනම යනවා කටට එන ඕන බොරුවක් කියනවා" ඩී.වී සිනාසෙමින් පැවසීය.
"ඔව්, කියන්න ඕනෙ අනුර කුමාර කොහෙ හරි මීටිමකට යනකොට ඇත්ත ටිකක් ලියලා දෙන්න කියලා" ජොනී පැවසීය.
"මේපාර අයවැයත් එනවා මේ තුන්වැනි අයවැය අනුර කුමාර කියන පච ගාන ගණන් කරලා තියා ගමු" නාමල් පවසන විට සියල්ලෝම සිනාසෙන්නට විය.
නාමල් තමාගේ කතාව තමන් විසින්ම ලියා ගන්නවා දුටු චානක මාදූගොඩ එය ලියා දීමට ඉදිරිපත් විය.
"මමම ලියා ගන්නම් මොකද මගේ අකුරු වලින්ම ලියා ගන්න ඕනෙ මගෙ අකුරු සෙනරත් පරණවිතාන මහත්තයටවත් කියවන්න බෑ" නාමල් විහිළුවක්ද කළේය.
මේ අතර නාමල් පාර්ලිමේන්තුව තුල සැර කතාවක් කළේය. මෙහිදී නාමල් පොලිසියද දැඩිව විවේචනය කළේය.
රත්නපුර මාලිමාවේ මන්ත්‍රීවරයකුගේ ගංජා හේනක් ගැනද නාමල් මතක් කලේය.
"ඔයා එතකොට බෝ පැළයක්ද?" ආණ්ඩුවේ නිහාල් ගලප්පත්ති නාමල්ගෙන් ඇසීය.
"ඔව්, මම එහෙම තමයි මම ඔබතුමාට උත්තර දෙන්නෙ නැත්තෙ ඔබතුමා මගෙ තාත්තගෙ වයස නිසා" නාමල් පැවසීය.
"මගෙ ගංජාහේන කොහෙද කියලා කියන්න" රත්නපුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නාමල්ගෙන් ඇසීය.
"මම තැන කිවුවොත් ඔබතුමාටත් බන්ධනාගාරයේ මම ඉන්න වාට්ටුවටම එන්න පුළුවන්" නාමල් පැවසීය.
"මොකක්ද වාට්ටුව?" රත්නපුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නැවත් විමසීය. "මම ඉන්නෙ එන් වාට්ටුවේ කැමතිනම් එන්න" නාමල් පැවසීය.
පසුවදාද නාමල් පාර්ලිමේන්තුවට පැමිණි අතර දිවා ආහාරය ලබා ගැනීමේදී චාමර සම්පත්ද නාමල් අසලට පැමිණියේය.
"ඔබතුමාට නම් ඇප ලබුණා නේද" නාමල් ඇසීය.
"ඔව් එළියට ආවට වඩා හොඳයි ඇතුළෙ හිටියනම් නඩුවලට ලොකු ගණන් වියදම් වෙනවා" චාමර සිනාසෙමින් පැවසීය.
"ඔව්, ඉතින් ඕනෙ එකක් කියාගෙන ටීවී බලාගෙන ව්‍යායාම කරලා සින්දුවක් එහෙම කියාගෙන ඉන්න එකනෙ තියෙන්නෙ" නාමල් පැවසීය.
"ඔව් ඔව් ඒක නම් ඇත්ත" චාමරද සිනාසෙමින් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
